සූර සරදියෙල් ගම්මානය ගොඩනැඟීමට සහාය වූවෝ
විශේෂඥ වෛද්‍ය ආරියසේන යු' ගමගේ
සූර සරදියෙල් ගම්මානය පිලිබඳ මාගේ සිත තුළ හටගත් සංකල්පය එළි දැක්වීම කල යුත්තේ කෙසේ දැයි නොයෙක් අතට කල්පනා කළෙමි'අවසානයේදී එය 19 වන සියවසේ ජන කෞතුකාගාරයක් තුල මූර්ති මඟින් සරදියෙල් ගේ කථාව ඉදිරිපත් කල යුතු යයි තීරණය කළෙමි'
මා ජීවත් වන නිවස, මගේ පෞද්ගලික රෝහල පමණක් නොව ගාල්ලේ මාපලගම මලාමුරේ තැපැල් කන්තෝරුව සහිත නිවසත් ගොඩනැගුවේ මාවනැල්ලේ මාණික්කාවේ කලූ බණ්ඩා බාස් උන්නැහේ විසිනි' ඔහු මා හඳුනාගෙන දැනට වසර 25 ක් පමණ ගතවි ඇත' ඔහු ඉතාමත් දක්ෂ, අවංක, මුදල් පසු පස හඹා නොයන පුද්ගලයෙකි' නිවාඩු ගන්නේ කලාතුරකිනි' කරන වැඩය අඩු පාඩුවක් නැතිව නිවැරදිව කරයි' ඔහු ගෝලයකුගේ අඩු පාඩුවක් දුටු විට වහා කිපෙයි'ගෝලයන්ට බැණ වදී' ඔහුගෙන් බැනුම් අසමින් යටහත්ව වැඩ ඉගෙන ගන්නා ගෝලයන් පමණක් ඔහු සමඟ ඉතිරි වෙයි' ටික කලකින් ඔවුන්ද දක්ෂ පෙදරේරුවන් බවට පත්වෙයි' මාගේ ආරෝග්‍යශාලාව ගොඩ නැගීමෙන් පසු ඔහුගේ දියණියට හෙඳි තනතුරක් ලබා දුනිමි' ඔහු වෙනුවෙන් බැංකුවේ ගිණුමක් ආරම්භ කොට වැඩට ගෙවු කුලියට අමතර තවත් මුදලක් ද එහි තැන්පත් කළෙමි' ඔහු ඇඳුම සහ අධි රුධිර පීඩනයෙන් පෙළෙයි' ඒ සඳහා මම නොමිලේ ප්‍රතිකාර කරන්නෙමි' එබැවින් අප දෙදෙනා අතර පවතින්නේ හාම්පුතා සේවකයා සම්බන්ධතාවයට එහා ගිය සුහද සමීප සම්බන්ධතාවයකි' එබැවින් සරදියෙල් ව්‍යාපෘතියේ හෙඞ් බාසුන්නැහේ ලෙස කළුබණ්ඩා බාස් උන්නැහේ පත් කළෙමි'
”මට සර් සේවකයෝ 15 ක් විතර බලාගෙන වැඩ කරන්න පුළුවනි'
ඊට වඩා ආං බං කරන්න අමාරුයි' ඒ නිසා අපි ඒ ගාණට හෙමිහිට යමු' ඔහු නිතර පැවසුවේය' ඔහුගේ අදහස අනුව අපි වැඩ කළෙමු'
කෑගල්ලේ හිග්ගොඩ පද්මිණි ජයසේන මහත්මිය මිනින්දෝරුවරියකි' මා ඇයගේ පවුලේ වෛද්‍යවරයාය' සරදියෙල් ගම්මානය ගොඩනැඟීම සඳහා ඉඩම මැන සමෝච්ඡු රේඛා සටහන් පිළියෙල කල යුතු විය' ඇය එම කටයුතු සියල්ලක්ම නොමිලයේ කර දුන්නාය'
”ඩොක්ටර් කරගෙන යන්නේ වටිනා දෙයක්.” අපට කරන්න බැරි දෙයක්' ඒ නිසා මම කරන්න පුළුවන් දේ මම නොමිලයේ කරලා දෙන්නම්'” ඇය පැවසුවාය'
සම්පත් යු. ගමගේ මහතා මාගේ ඥාති පුත්‍රයෙකි. ඔහුගේ දෙමව්පියෝ මාගේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරමින් අපගේ දේපල රැකබලා දුන්නෝය' සම්පත් ගේ පාසල් දිවිය අවසන් වු පසු ඔහුගේ පියා වන මැන්ඩිස් අයියා ඔහු මා වෙත භාර කරන ලදී' ඔහු මා මාවනැල්ලට කැඳවාගෙන ආවේ ”සර්ද්රා” නමැති ස්වේච්ඡුා ආයතනය මඟින් එකල පවත්වන ලද නවීන කෘෂිකාර්මික පුහුණුවකට සහභාගී කරවීම සඳහාය' ඉන් අනතුරුව ඔහු මගේ රෝහලේ ඖෂධ සංයෝජයකු බවට පත්විය' රියදුරු බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව නැවත මාපලගම ගොස් මාගේ ඉඩ කඩම්වල තේ වැවීමේ කටයුතු වල යෙදුනේය' තේ ඉඩම් වගා කල පසු නැවත මාවනැල්ලට පැමිණ මාගේ රෝහලේ පරිපාලන කටයුතු වලට සහාය විය' සරදියෙල් ගම්මානයේ ඉඩම සෙවීමට වෙහෙස මහන්සි වුනේ සම්පත්ය' ටික කලක් යන විට මා හට වැළදී තිබු සරදියෙල් උණ ඔහුටද සීග්‍රයෙන් වැළදෙමින් පවතින බව දක්නට ලැබුණි' සරදියෙල් ගම්මානයේ කළමනාකරු හෙවත් මැනේජර් බවට පත්වුනේ ඔහුය' ඔහු විවාහ වුනේ මාගේ රෝහලේ හෙඳියක වු නදීකා සමඟය' අවසානයේදී සරදියෙල් ගම්මානයේ ආපනශාලාව සහ තිළිණ සාප්පුව ඇති කොටස ඔහුගේ නමට තෑගී ඔප්පුවකින් පවරාදී ඔහුද සරදියෙල් ගම්මානයේ හවුල්කරුවකු බවට පත්කර ගතිමි'
කැලිස්ටස් පෙරේරා මහතා කතෝලිකයෙකි' වැලිවේරියේ උපන් ඔහු විවාහ වීමෙන් පසු උතුවන්කන්දේ පදිංචියට පැමිණියේය' වතු පාලකයෙකු, ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු මැද පෙරදිග සහ ජපානයේ සේවය කර ඇත' එබැවින් ඔහුට සිංහල, දෙමළ, ඉංගී්රසි, අරාබි සහ ජපන් භාෂාවන් කතා කල හැකිය' මා ඔහුගේද පවුලේ වෛද්‍යවරයාය' අප දෙදෙනාම මාවනැල්ල විනෝද කී‍්‍රඩා සමාජයේ සාමාජිකයන්ය' එබැවින් ඔහු මාගේ මිත්‍රයාය. 2008 දී ජපානයේ සිට පැමිණි පසු ඔහු සූර සරදියෙල් ගම ගොඩනැඟිමේ ව්‍යාපෘතියේ සමායෝජක ලෙස කටයුතු කිරීමට එකඟ විය' ඔහු සතු විවිධ භාෂා පිළිබද දැනුමත් අන්තර්ජාතික අත්දැකීම් සහ මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීමේ හැකියාවත් සූර සරදියෙල් ගම ගොඩ නැඟීමේදී ප්‍රයෝජනවත් විය'
සරදියෙල් ගම්මානය ගොඩනැඟිමට සිදුවුණේ උතුවන්කන්දට මුහුණලා පිහිටි වරලවත්ත නැමති කඳු ගැටය තුළය. මා මිලට ගත් ඉඩම් අක්කර හයෙන් දෙකක් සරදියෙල් ගම්මානය සඳහා වෙන් කළෙමි'ඉතිරිය සංචාරක හෝටලයක් සහ පරිසර හිතකාමී සංචාරක නිකේතනයන් සඳහා වෙන් කළෙමි' සරදියෙල් ගම ඉදි කලේ කඳු බෑවුමෙහිය' පාර අයිනේ කරත්ත ගාල, ඊළඟට කඩ මණ්ඩිය ගම්මැද්ද ඉලූක්ගොඩ පන්සල'එළවළු කොටුව' කමත සහ වෙල් යාය' නාන තොට'සංහිද' බෝවැල්ල' බෝගම්බර ඉංගිී්සි බලකොටුව, හිර ගෙදර සහ සභාන් ස්මාරකය සරදියෙල් ගම්මානය තුල ඉදි කෙරුනි' මාවනැල්ලේ ගඩොල් පාලම සහ බෝගම්බර එළිමහන් පෝරකය මේ වන විට ඉදිවෙමින් පවතී' ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පියකුගේ සහ කලා අධ්යක්ෂ වරයෙකුගේ සහය ආරම්භයේදී ලබාගත්තත් ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සහ මගේ අපේක්ෂාවන් අතර විශාල පරාසයක් ඇතිබව හැඟී ගියෙන් ගෘහ නිර්මාණ සැලසුම් මා විසින්ම කරන්නට තීරණය කළෙමි' එහෙත් එම නිර්මාණයන් තාක්ෂණික පදනමක් මත ගොඩනැඟීම සඳහා මා මිත්‍ර ඉංජිනේරු ඩි'පී' රාජසේකර මහතාගේ සහාය ලබා ගතිමි' රාජසේකර මහතාගේද පවුලේ වෛද්‍යවරයා මාය' ඔහුගේ සේවයද මා හට ලබා දුන්නේ නොමිලේමය' අය කෙරුනේ සැලසුම් පිළියෙල කිරිමේදී සැලසුම් ශිල්පින්ට ගෙවු මුදල් පමණි'ක්ෂේත්‍ර චාරිකා සහ උපදෙස් සියල්ල ලබා දුන්නේ කිසිදු මුදල් අය කිරීමකින් තොරවය'
”ඩොක්ටර් ඇරෙන්න මේ පළාතේ කිසි කෙනෙකුට ඔය වගේ නිර්මාණයක් කරන්නට බැහැ' ඒ නිසා මට කරන්න පුළුවන් උපරිම සහය මම ඩොක්ටර්ට ලබා දෙනවා'” රාජසේකර මහතා නිතර පැවසුවේය'
හොඳ කටයුත්තක් කරන විට එ් සඳහා උදව් කීරීම සඳහා මිතුරන් ඉදිරිපත් විම පිළිබඳව සතුටට පත්වුනෙමි. ඇමරිකාවේ ජීවත්වු අයිවන් මිතුරාත්, නවසීලන්තයේ වෙසෙන මා සොයුරු බන්දුත් නිතිපතා ඊ මේල් මඟින් 19 වන සියවසේ පැරණි ගොඩනැගිලිවල පින්තූර එවමින් දැක්වු දායකත්වය අගය කරමි'
දිනපතා උදේ 7.00 ට සරදියෙල් ගම්මානය යන මා කළු බණ්ඩා සම්පත් සහ කැලිස්ටස් යන මහත්වරු සමඟ එදිනෙදා කටයුතු සැලසුම් කළෙමි' පෙර දින කල කටයුතු අධීක්ෂණය කළෙමි'දෙස් විදෙස් සිටින මාගේ මිතුරන් සරදියෙල් ගම්මානයට කැඳවා ගෙන ගොස් ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසුවෙමි' ඔවුන්ගේ අදහස් සරදියෙල් ගම්මානය ගොඩනැඟීමේදී බොහෝ සේ ප්‍රයෝජනවත් විය'
සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරක කළමනාකරන අංශයේ ප්‍රධානියා වන ජේෂ්ඨ කථිකාචාර්ය අස්ලම් මහතා ගෙන් ලැබුණු උපදෙස් අගය කොට සලකමි' ඔහු විසින් මා පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය පිළිබඳ සම්මන්ත්රණ වලට සහභාගි කරවූ නිසා සංචාරක ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් ලබාගතිමි' රෙන්්ටන් ද අල්විස් මහතා විසින් ලියන ලද ”මේ අපේ රට” නමැති පොත කියවීමෙන් ලබාගත් දැනුම ප්‍රයෝජන වත් වු බව සඳහන් කරනු කැමැත්තෙමි'
සරදියෙල් ගම්මානය ඉදිකිරිමේ අදහස ඇති වු දා පටන් ඊට අදාළ තොරතුරු රැුගත් පොත් පත් මාගේ පුස්තකාලයට එක්කර ගතිමි'සරදියෙල් පිළිබඳව ලියවුණු පොත් පත්, සඟරා හා පුවත් පත් වාර්තා සංඛ්‍යාව සිය ගණනකි' 19 වන සියවසේදී විදේශිකයන් විසින් ලියන ලද පොත් සහ ඒවායේ පරිවර්තන සහ නුවර යුගය සහ මෑත ඉතිහාසය පිළිබඳ ලියවුණු පොත් සංඛ්‍යාව පන්සීයය ඉක්ම විය' ඒවා සියල්ලක්ම පරිශීලනය කිරීම මඟින් සරදියෙල් ගම්මානය නිවැරදිව හැඩ ගසා ගත හැකි විය'
සූර සරදියෙල් ගම්මානය ගොඩනැඟීමේදී රජය මඟින් දැක්වු සහායෝගය ද සඳහන් කළ යුතුමය' සංචාරක කටයුතු අමාත්‍යංශය මඟින් සංචාරක ගම්මානයක් ලෙස උතුවන ග්‍රාම නිළධාරි කොට්ඨාශය නම් කල අතර ප්‍රාදේශීය සභාව හරහා පාර පළල් කිරීම, තෙකලා විදුලි බලය සහ ජල නළ පහසුකම් වැනි යටිතල පහසුකම් සකසා දෙන ලදී'
සරදියෙල් ගම්මානය ගොඩනැඟීමේදී මා හට සහාය වු තවත් ආරක්ෂකයන් 8 දෙනෙක් සිටි' ඔවුන් නම් බ්රවුනි ජෙනී රිංගෝ ඇතුලූ බලූ පිරිසයි' පළමුවෙන් ගම්මානය ගෙන ආවේ බ්රවුනි ජෙනී සහ රිංගෝය' ජෙනී බලූ පැටවුන් 5 දෙනෙකු බිහි කළාය' එකෙක් අල්ලපු වත්තේ ඌරන්ට තැබු හක්ක පටස් එකක් කා මිය ගියේය' දිනපතා බලූ මිතුරන් අප එනතුරු බලා සිටී' කැලිස්ටස් මහතා විස්කිරිඤ්ඤා සහ රෝස් පාන් ගෙන එන නිසා උන් ඔහුට වඩා ලෙන්ගතුය' අප යන යන තැන්හිදී උන් පෙරමඟ ගනී' සරදියෙල් ගම්මානයේ ආරාක්ෂාවට බල්ලන් යෙදවීමට මා තීරණය කලේ සැමුල් බේකර මහතාගේ ”ලංකාවේ අට වසරක්” සහ ”සොදුරු දඩයම්” පොත් කියවීමෙන් පසුවය' ඔහු නුවරඑළියේ එළවළු ගොවිපල ආරම්භකලේත් දඩයමේ ගියේත් එංගලන්තයේ සිට ගෙනා බල්ලන්ගේ ආධාරයෙනි' ඕස්ටේ්රලියාව එංගලන්තය සහ නවසීලන්තය වැනි රටවලදී බල්ලන් යොදවා ගෙන සත්ත්ව ගොවිපළවල් පවත්වා ගෙන අයුරු මම දැක ඇත්තෙමි' මිනිසුන්ට වඩා බල්ලන් හොඳ ආරක්ෂයන් මෙන්ම හොඳ මිතුරන් බවද මට පෙනී ගොස් තිබේ'
ජපානයෙන් අපට ලැබුණු එස් 5 සංකල්පය වැඩි දියුණු කොට මා විසින් සප්ත හෙවත් එස් 7 සංකල්පය නිර්මාණය කළෙමි' එනම් සුසංහරණය සුපිළිවෙල, සුපිරිසිදුව, සම්මතය සුපුහුණුව සුරක්ෂිතභාවය සහ සුහදභාවයයි'ව්‍යාපෘතියට පැමිණි සෑම සේවකයෙකුටම ඒ පිළිබඳව දැනුවත් කොට පුහුණුවක් ලබා දුනිමි' එමඟින් කාර්ය මණ්ඩලයේ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමටත් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් එමඟින් ඵලදායිතාවය වැඩි කිරිීමටත් හැකිවිය'
කරත්තගාල කෝපි කඩය බණ මඩුව සහ නාන තොට පළමුවෙන් ඉදි විය' කෝපි කඩය තුළ සේවකයන් ලැගුම් ගෙන ඉතිරි කොටස් ඉදි කිරිම කරගෙන ගියෝය' ඊළඟට තැනුනේ කළමනාකරුගේ නිවසය' සම්පත් සමඟ නදීකා විවාහ වී එහි පදිංචියට පැමිණියේය' කන්ද මුදුන සකසා පළතුරු ගස් සිටුවා පරිසර හිතකාමී සංචාරක නිවාස :ෑජද-කදාටැි* තැනීම ඇරඹුවේ ඉන්පසුවය'මේ වන විට සංචාරක නිවාස දෙකක වැඩ කටයුතු අවසන් වෙමින් පවතී'
පළතුරු උයනක් බවට පත්වන කන්ද මුදුන කොටස අක්කර දෙකක පමණ වපසරියකින් යුක්තය' එහි සම්මන්ත්රණ ශාලාවක්, පිහිනුම් තටාකයක් සහ හෙලිකොප්ටර් බැස්සවිය හැකි පිට්ටනියක් ද ඉදිවනු ඇත' වයෝවෘද්ධ සහ ආබාධිත සංචාරකයන්ට කන්ද මුදුනට නැගීම සඳහා විදුලි සෝපානයක් සවි කිරීමට සැලසුම් කර තිබේ' තරුණයන්ට කඹ ආධාරයෙන් ගල් කුළ තරණය කිීරිමට :ඍදජන ක්කසපඉසබට* අවශ්‍ය පහසුකම් ද සපයනු ලැබේ. පළතුරු උයන තනා නිමවු පසු එහි කුරුළු පාරාදීසයක් මැවෙනු ඇත' පරිසර හිතකාමීන් ගේ ස්වර්ගය බවට සරදියෙල් ගේ දේශය පත් කිරීම මාගේ අරමුණයි'
සූර සරදියෙල් ගම්මානය සුවිශේෂී වු කලා නිර්මාණයක් බවට පත් කිරීම සඳහා දායක වු ප්‍රධානතම පුද්ගලයා පිළිබඳව මා තවමත් කතා කලේ නැත' ඔහු නම් මූර්ති ශිල්පී කලාභූෂණ මිල්ටන් ජයපාල ගුරුතුමාය' මා ඔහු පිළිබඳව කතා නොකලේ ඔහු ගැන වෙනම ලිපියක් ලියන්නට තරම් කරුණු ඇති බැවිනි' එබැවින් එම කටයුත්ත ලබන සතියට කල් තබමී'
No comments:
Post a Comment