උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය නිර්මාණය කල හැටි -1
සූර සරදියෙල් උණ මට බෝ වුණේ ඇලෝසියස් පෙරේරා නමැති රෝගීයාගෙන්'
විශේෂඥ වෛද්‍ය ආරියසේන යු. ගමගේ
ඒ 1980 දශකයයි'එකල මා මාවනැල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාය' නිවෙස් වලට ගොස් ඔත්පල වු රෝගීන්ට පෞද්ගලිකව ප්‍රතිකාර කිරිමේ සේවයේද යෙදි සිටියෙමි'
දිනක් මා හමුවීමට තරුණියන් දෙදෙනෙක් පැමිණ සිටියෝය' එක් අයෙක් නාලනීය' අනෙක් අය රමණිය' දෙදෙනා සොයුරියන්ය' දෙදෙනාම ගුරුවරියන්ය' අද තෙරේසා නාලනී ද මැල් මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියයි' රමණි පෙරේරා මහත්මිය මාණික්කාව විදුහලේ සහකාර විදුහල්පතිනියයි'
—ඩොක්ටර් අපේ තාත්තාට ගොඩක් වයසයි' අවුරුදු 85ක් විතර ඇති' ලෙඩ ඇදේ ඉන්නේ' එක්කර ගෙන එන්න අපහසුයි' අපේ ගෙදර උතුවන්කන්දේ අන්වාරම තියෙන්නේ' ගෙදරට ඇවිත් ප්‍රතිකාර කරන්න පුළුවන්ද' ඔවුන් මගෙන් විමසුවේය' මම එකඟ වුනෙමි'
ඔහුගේ නම ඇලෝසියස් පෙරේරාය' ඔහුද වෘත්තියෙන් ගුරුවරයෙකි' ජීවත් වුනේ කොළඹ නුවර මහාමාර්ගය අද්දරය' ගෙදර නම —ගාලේ ගෙදරය˜' එය ඉතා පැරණි ගෙයකි'ගෙදර මිදුලේ තිබුණු නමිනං ගසේ කඳ පොල් කඳක් තරම් විශාලය' එතරම් විශාල නමිනං ගසක් මගේ ජිවිතයට දැක තිබුණේ නැත'
—මේක හරි විශාල නමිනං ගසක් නේ.රෑ ගසේ වයස කියක් විතර වෙන්න ඇද්දරෑ මම නාලනීගෙන් විමසුවෙමි'
—ඕක සරදියෙල් ගේ කාලේ ගහක්'˜ —අවුරුදු සියයකට වඩා වයස ඇති'˜ ඇය පිළිතුරු දුන්නාය'—ශත වර්ෂයක් පැරණි නමිනං ගසක් ගේ මිදුලේ තිඛෙන්නට නම් එම ගෙය ඊටත් වඩා පැරණි විය යුතුය'˜
මේ ගෙදරට —ගාලේ ගෙදර˜ කියන්නේ ඇයිරෑ ඒ දවස් වල අපේ සීයගෙ තාත්තා (මුත්තා) මෙතන කරත්ත ගාලක් පවත්වා ගෙන ගිහින් තියෙනවා. අපේ ගෙදරට ගාලේ ගෙදර කියන්නේ ඒ නිසයි'˜ නාලනී පිළිතුරු දුන්නාය'
ඇලෝසියස් පෙරේරා මහතා ගාලේ ගෙදර ඇතුලේ කාමරයක සැතපී සිටියේය' උස මහතින් යුත් පුද්ගලයෙකු වු පෙරේරා මහතා ඔත්පල වි ටික කලක් ගතවී තිබුණි' ඔහු ශ්වසන රෝගයකින් පෙළුණේය' මම ඔහු පරීකෂාවට ලක් කළෙමි' ප්‍රතිකාර නියම කළෙමි' ඉන්පසු සතුටු සාමීචියේ යෙදුනෙමි'
පෙරේරා මහතා කතෝලිකයෙකි'නිවසේ බිත්තියේ ගසා තිබු කුරුසයෙන් සහ කාමරයේ පසෙක තබා තිබු දේව මැණියන්ගේ ප්‍රතිමාවෙන් මම එය වටහා ගතිමි'
—මේ මිස්ටර් පෙරේරාගේ ගම මදරෑ˜
—නෑ මම ඉපදුනේ කළුතර' කතෝලිකයෙක් වුණාට මම පන්සලේ අධ්‍යාපනය ලබපු කෙනෙක්' උතුවන්කන්දට ආවේ පල්ලියේ ඉස්කෝලේ උගන්වන්න' ඒ ගමන තමයි ගාලේ ගෙදරින් කසාද බැන්දේ' මේ මගේ නෝනාගේ ගෙදර' එයාගේ නම ජෙනට් සිල්වා' එයාගේ තාත්තා රොමෙල් සිල්වා, රොමෙල් සිල්වාගේ තාත්තා හෙන්දිරික් අප්පුහාමි' ඒ කියන්නේ මගේ නෝනාගේ සීයා'එයා උතුවන්කන්දට ඇවිත් තියෙන්නේ මුල්ලේරියාවේ ඉදලා' එයා තමයි මෙතන කරත්තගාලක් ආරම්භ කරලා තියෙන්නේ. 19 වෙනි සියවසේ මුල් කාලේ' මේජර් තෝමස් ස්කිනර්ල කැප්ටන් ඩෝසන් ලා අඹේපුස්සේ ඉදලා කන්ද උඩරටට යන කොළඹ - නුවර මහ පාර හදන කාලේ' ඒ කාලේ මේ පාරේ කාර් වෑන් ලොරි ගියේ නැහැ' බරකරත්ත, බක්කි කරත්ත, අශ්ව කරත්ත තිරික්කල වගේ දේවල් වලින් තමයි බඩු ඇදලා තියෙන්නේ' ඉතින් ඒවා නවත්තලා ගොන්නුන්ට කන්න දීලා පිදුරු මිටි එහෙම කරත්තකාරයෝ මිලදී ගෙන කරත්තවල බැද ගත්තේ මෙතන'˜ පෙරේරා මහතා මා දහනව වන සියවසට කැඳවා ගෙන ගියේය'
—ඒ කාලේ මාවනැල්ල කුඩා ගම්මානයක්' නගරය තිබුනේ උතුවන්කන්දේ' උතුවන්කන්ද සරදියෙල් ගලට හැරනෙ තැන තියෙන වත්තට අදත් කියන්නේ —පොලීසියේ වත්ත˜ කියලා' ඒ කාලේ එතන තමයි පොලීසිය තිබිලා තියෙන්නේ' ඔය චන්ද්‍ර රණතුංග මහත්තයාගේ (හිටපු අමාත්‍ය) ගෙදර හදලා තියෙන වත්තට කිව්වේ —ඉස්තාල වත්ත˜ කියලා' එතන තමයි අශ්ව ඉස්තාලේ තිබිලා තියෙන්නේ' උතුවන්කන්ද කතෝලික පල්ලිය හදල තියෙන්නේත් අපේ සීයලා පරිත්‍යාග කරපු ඉඩම්වල'
ඒ කාලේ උතුවන්කන්දේ සූර සර්දියෙල් මේ ගෙදරට නිතර ඇවිත් තියෙනවා' රොමෙල් සිල්වා ඒ කියන්නේ මගේ නෝනාගේ තාත්තා. පිචෝ හාමි කෙල්ල කාලේ ඉදලා තියෙන්නේ හෙන්දිරික් අප්පුහාමි සීයාගේ ගෙදර' රොමෙල් මාමා පුංචි කාලේ නාවලා බලාගෙන තියෙන්නේත් පිචෝහාමි' අදාසි අප්පුට කසාද බන්දලා දීලා තියෙන්නේත් හෙන්දිරික් අප්පුහාමි. පිචෝ හාමිට ලැබුණ පළවෙනි දරුවා තමයි සරදියෙල් පසු කාලෙක හෙන්දිරික් අප්පුහාමි සීයාට සරදියෙල් මහ හිසරදයක් වෙලා තියෙනවා' මොකද මිනිහා දාමරිකම් කරන කාලේ මේ ගෙදරට යනවා එනවාලූ' සමහර දවස් වලදි සරදියෙල් එනකොට ගෙදර දොරවල් වහලා ගෙදර අය සොල්දරයට නැගලා හැංගිලා ඉන්නවලූ. 1864 කාලයේ හෙන්දිරික් අප්පුහාමි සීයා මේ ගෙවල් වහලා දාලා ටික දවසක් මුල්ලේරියාවට පිටමං වෙලත් තියෙනවා'පෙරේරා මහතා ඉතිහාසඥයෙකි' ඔහු උතුවන්කනද පල්ලියේ ඉස්කෝලේ සිංහල සහ ගණිතය උගන්වන ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ' සුදු සරමක් හා සුදු කමිසයක් ඇද සුදු පටියක් බැද ඛෙල්ලේ බොත්තම දමා සුදු කෝට් එකක් ඊට උඩින් ඇද කුඩයක් අතට ගෙන බක්කි කරත්තයක නැඟ උතුවන්කන්ද පල්ලියේ ඉස්කෝලයට යන තරුණ පෙරේරා මහතා මා හට මැවී පෙනේ' උතුවන්කන්ද ප්‍රදේශය පිළිබඳව ඔහු බොහෝ දේ දනී'එබැවින් ඔහුගෙන් උතුවන්කන්දේ සරදියෙල්ගේ කතාව දැනගැනීමේ ආශාවක් මා සිත් තුල ඇති විය'
—පෙරේරා මහත්තයා උතුවන්කන්දේ ඉතිහාසය හොඳින් දන්නවා වගේ. මට ආසයි ඒ ගැන කතා කරන්න' මං ආයිත් එන්නම්කෝ' ඔබතුමා බලලා යන්න' එතකොට අපට සරදියෙල් ගැන තව ටිකක් තොරතුරු කතා කරන්නත් පුළුවන්නේ'˜ මම අනාගත සාකච්ඡාවන් සඳහා පොටක් පාදා ගතිමි'
—සූර සරදියෙල් අප්පු මගේ වීරයෙක්' එයාට සුද්දො කිව්වේ ර්‍ණඍදඉසබ යදදා දෙ කැහකදබ” — ලංකාවේ රොබින්හුඩ්˜ කියලා' එයා ගැන ලියවිච්ච පත්තර ලිපි, සඟරා ලිපි, මා ළඟ එකතු කරලා තියෙනවා' මං ඒවා දොස්තර මහත්තයාට පෙන්වන්නම් ලබන පාර අවාට පස්සේ'
උතුවන්කන්දේ සූර සරදියෙල් ගැන මා කුඩා කල සිට අසා ඇත්තෙමි' ගාළු දිස්තික්කයේ හිනිදුම්පත්තුවේ මාපලගම ඉපදුණු මා උතුවන්කන්දේ සූර සරදියෙල් ඉපදුණු ප්‍රදේශයේ පදිංචියට පැමිණේවි යයි කිසි දිනක සිතුවේ නැත' එය අහඹු සිදුවීමකි' කෙනෙකු එය දෛවෝපගත සිද්ධියක් ලෙසද හැදින්විය හැකිය' කෙසේ වෙතත් මගෙන් ප්‍රතිකාර ලබාගත් පෙරේරා මහතාට වැළදී තිබු සුවිශේෂි —උණක්˜ ඔහුගෙන් මා හට බෝ විය. ඒ —සූර සරදියෙල් ˜ උණයි'
පෙරේරා ගුරුතුමාගේ දුක් සැප බලා ප්‍රතිකාර කිරීමට කිහිප විටක්ම එතුමාගේ නිවසට ගියෙමි. එක් දිනක් ඔහු බැලීමට ගිය විට ඔහුගේ අල්මාරියක සඟවා තිබු සර්දියෙල් පිළිබද පැරණි ලිපි එකතුවක් මා හට පෙන්වීම සඳහා ඔහුගේ ඇඳ මත තබාගෙන සිටියේය.
ඇල්.ඩි.ඒ. රත්නායක මහතා විසින් ප්‍රබන්ධ කොට කි්‍ර.ව. 1924 දි සෙව්‍යශ්‍ර යන්ත්‍රාලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලද ලෝක ප්‍රසිද්ධ සර්දියෙල් නාටකය නැමති පොත සහ කොළඹ කෞතුකාගාරයේ එච්.ඇල්. කල්දේරා මහතා විසින් සිළුමිණ පුවත්පතට 1935 ක් වු අප්‍රේල් මස 07 වෙනිදා ලියන ලද —උතුවන්කන්දේ සරදියෙල්˜ දහනව වන වෙනි ශත වර්ෂයේ ලංකාවම බියෙන් ඇළලූ —ප්‍රචණ්ඩ දාමරිකයා˜ ඔහු සතුව තිබු පැරණිම ලියවිලි දෙකයි'
කේ.ඩි.පී.වික්‍රමසිංහයන් විසින් 1951 නොවැම්බර් 11 වන දින ඉරිදා ලංකාදීපයට ලියන ලද —උතුවන්කන්දේ සරදියෙල් ගේ නඩු විභාගය˜, 1958 දී ඩබ්ලිව්.කේ.පි. ගුණවර්ධන විසින් සරදියෙල් පිළිබදව ලියන ලද ලිපි පෙළ පමණක් නොව 1983 දි නීල්ද මොරාසෙස් විසින් සිළුමිණ පත්‍රයට ලියු සරදියෙල් පිළිබද ලිපි පෙලද, —සරදියෙල්ගේ නෑ පරපුරේ තොරතුරු සොයා ගිය ගමනක්˜ නමින් නවයුගය සඟරාවට —මගීයා˜ විසින් ලියන ලද ලිපියක් ද පෙරේරා මහතා සතුව තිබුනි'—ඔබතුමා සරදියෙල් ගේ රසිකයෙක් වගේ නේද මටත් ආසයි සරදියෙල් ගැන දැන ගන්න'˜—දොස්තර මහත්තයාට ඕනේ නම් මේ ලිපි කියවලා ගෙනත් දෙන්න'මගේ සිතේ සරදියෙල් ගම්මානයක් නිර්මාණය කිරිමේ කිසිදු අදහසක් එකල නොවිය' එහෙත් සරදියෙල් පිළිබඳව තොරතුරු රැස් කිරිමේ උනන්දුවක් නම් එහිදි ඇති විය' ඒ උනන්දුව ඇති කිරිමට මුල් වුනේ ඇලෝසියස් පෙරේරා ගුරුතුමාය'
කොළඹ සිට දුම්රියෙන් හෝ බසයකින් නුවර දෙසට ගමන් කරන ඕනැම කෙනෙකුගේ ඇස ගැටෙන අලංකාරවු කඳුගැටයකි උතුවන්කන්ද' එය දකින ඕනම කෙනෙකුට මතක් වෙන්නේ සූර සරදියෙල් හෙවත් ලංකාවේ රොබින්හුඩ්ය. එදා බි්‍රතාන්‍යයන් අශ්ව කරත්ත (අශ්වකෝච්චි) ගොං කරත්ත සහ දෝලාවල නැගී කන්ද උඩරට බලා ගමන් කරන විට උතුවන්කන්ද මුදුනේ පිහිටි ගල් කුල දුටුවේ එංගලන්තයේ පිහිටි රජ මාළිගාවක් ලෙසය' එබැවින් ඔවුන් එය ර්‍ණක‍්ිඑකැ ඍදජන” (කාසල් රොක්) ලෙස නම් කළේය' එනමුත් උතුවන්කන්ද පිහිටි උතුවන ගමේ මිනිසුන් එය හඳුන්වන ලද්දේ —උකුණු ගල˜ ලෙසය' එසේ හදුන්වන්නේ අම්මා කෙනෙක් දුවකගේ හිසේ උකුණන් බලන අකාරයට එම ගල් පර්වතය ගමේ මිනිසුන්ට පෙනෙන නිසාය' නමුත් අපේ සූර සරදියෙල් ගම්මානයේ සිට බැලූ කල එම ගල් කුළ මට නම් පෙනෙන්නේ මිහින්තලා පර්වතය මෙනි්. එහෙත් අද ලංකාවේ කවුරුත් එම ගල හදුන්වන්නේ —සරදියෙල් ගල˜ ලෙසය' ඒ සරදියෙල් තම සහචරයන් සමඟ එහි සැඟවි සිට කොළඹ නුවර පාරේ ගමන් ගත් අශ්ව කෝච්චි සහ ගැල් නවතා මං පහරා මුදල් ගෙනැවිත් දුප්පතුන් අතර ඛෙදා දුන් නිසාය'
කොළඹ නුවර පාරේ උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව ළඟින් වමට හැරි කිලෝමීටරයක් ගිය විට මා විසින් නිර්මාණය කරන ලද —සරදියෙල් ගම්මානය˜ හමුවනු ඇත' අක්කර හයක භූමී භාගයක් තුළ ගොඩනැගෙන සරදියෙල් ගම්මානය මහජනතාවට දැක බලා ගැනිම සදහා 2012 ජනවාරි 29 වන දින විවෘත විය. පූජ්‍ය පකෂය සහ පෙර පාසැල් ළමුන් ගෙන් අය කිරිමක් නොකරේ' නිල ඇඳුමෙන් සැරසී පැමිණෙන පාසැල් සිසුන් සඳහා ටිකට් පතක මිල රුපියල් 20කි' වෙනත් ළමුන් සඳහා රුපියල් 50 කි' වැඩිහිටියන් සඳහා ටිකට් පතක මිල රුපියල් 100= කි' වැඩි විස්තර 072-2220318' 077-9418999' 077-7808979 අංක ඇමතීමෙන් ලබාගත හැකිය'පියවරෙන් පියවර සරදියෙල් ගම්මානය නිර්මාණය කල ආකාරය පිළිබඳව තොරතුරු මෙතැන් සිට ලක්බිම පාඨකයන් හට සෑම ඉරිදාවකදීම කියවීමට හැකිවනු ඇත
irosfh,a .ïudkfha
msúiqï fodrgqj
iQr irosfh,a ms<srej
irosfh,a .ïudkfha kdkf;dg
wef,daishia fmf¾rd
uy;d úiska ,ndÿka iQr irosfh,a .ek ,shjqKq merKs mqj;a ,sms
thanks for putting this on to the Internet. athatama meka hoda deyak lamai ta kathawak hatiyata kiyawana..
ReplyDeleteow mewani dewal athatama Internet ekata dapu eka hodai.lamiytath kiyawana pluwan Internet wala thiyena anith bahubuta walata wada.
Deleteathatama meka godak hodai MN saredial gammana ta gihila thibunath mechara dewal godak denan hitiye na meka Internet ekata dapu eka loku deyak mn meka kiyawala godak nodath dea dannagata athtama meka Internet ekata dapu kenata godak pin sida wenewa.
ReplyDelete