උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය නිර්මාණය කළ හැටි - 3
සූර සරදියෙල් ගේ ගම සංචාරක පුරවරයක් බවට පත් කිරිීමට පෙර බොහෝ පොත්පත් කියෙව්වෙමි.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යු.ගමගේ
මා මාවනැල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙස පත්වීම් ලබා පැමිණියේ 1980 වසරේදීය. එකල මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට මාවනැල්ල සහ අරණායක උප දිසාපති කොටසත් අයත්විය. කොළඹ නුවර මාහාමාර්ගයේ ගමන් ගන්නා ඕනෑම කෙනෙකුගේ ඇස ගැටෙන උතුවන්කන්දේ සරදියෙල් ගල මාවනැල්ලේ තිබෙන අතර බතලේගල අරණායක පිහිටා තිබේ.
උතුවන්කන්ද සහ බතලේගල වැනි සිංහල වචන උච්චාරණය කිරිම ඉංගී‍්‍රසින්ට අපහසුවු බැවින් ඔවුන් ඒවාට පිළිවෙලින් කාසල් රොක් සහ බයිබල් රොක් යන නම් යෙදුවේ. එම කඳුවල හැඩය සුද්දාට පෙනුනු ආකාරය අනුවය. එංගලන්තයේ රයින් රජ මාළිගාවේ :ඍයසබැ ක්‍්ිඑකැ* ඉහළ කොටසේ චිමිනි ලෙස උතුවන්කන්ද මුදුනේ ඇති ගල් කුළු තුන පෙනුණු නිසා එයට කාසල් රොක් යයි කීවෝය. බතලේගල පහල කඩුගන්නාවේදී පෙනෙන්නේ බයිබලය ලෙස බැවින් එයට බයිබල් රොක් යන නම යෙදුවෝය. මෙම කඳුගැට දෙකම පරිසරයට එක් කරන්නේ සුන්දරත්වයකිි. සංචාරකයන්ගේ සිත් තුළ ඇති කරන්නේ චමත්කාරයකි.
මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි උතුවන්කන්ද බතලේගලට වඩා ප‍්‍රසිද්ධ වීමට තවත් හේතුවක් තිබේ. එනම් උතුවන්කන්දේ ඉතිහාසය යම් පුද්ගලයකුගේ නම හා බැඳි පවතින බැවිනි. සමනළ කන්ද බුදුරජාණන් වහන්සේ සහ ආදම් නිසාද සීගිරිය කාශ්‍යප රජු නිසාද ප‍්‍රසිද්ධ වූවාක් මෙන් උතුවන්කන්ද සරදියෙල් නිසා ප‍්‍රසිද්ධියට පත්වි තිබේ.
සරදියෙල් පිළිබද ලිඛිත ඉතිහාසය පටන් ගන්නේ 1864 සිටය. ඒ 1864 ජනවාරි මස 28 වන දින ධඪෑඍඛ්භෘ ධඊීෑඍඪෑඍ නමැති ඉංගී‍්‍රසි පුවත්පතට ීසබය්කැිැ ඊ්බාසඑ හෙවත් ”සිංහල මං පහරන්නා” යන හිසින් ලියන ලද පුවතකිනි. එම ලිපියට හේතු වන්නේ සරදියෙල් සහ ඔහුගේ සහචරයන් වන හවඩියා, බාවා සහ මරික්කාර් පිළිබඳව තොරතුරක් සපයන අයට පවුම් 150 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට බලාපොරොත්තු වන බවට යටත් විජිත ලේකම් උගක්‍ග ගිබ්සන් විසින් 1864 ජනවාරි 13 සින කොළඹදී නිකුත් කල නිවේදනයකි. ඉන්පසු ”සරදියෙල් අල්ලාගැනීම”, ”බෝගම්බර හිර කිරිම” සරදියෙල් සහ මම්මලේ මරික්කාරට විරුද්ධව නඩු පවරා බෝගම්බරදී ප‍්‍රසිද්ධියේ එල්ලා මැරීම පිළිබද තොරතුරු සිලෝන් ටයිම්ස්, ද එක්සැමිනර් යන ඉංගී‍්‍රසි පුවත්පත් වල මෙන්ම ලක් රිවිකිරණ නැමති සිංහල පුවත්පතේද නිතර නිතර පලවිය.
මේ වන විට සූර සරදියෙල් එල්ලා මරා වසර 148 ක් ගතවී තිබේ. එදා මෙදා තුර සූර සරදියෙල් වටා ගොාඩ නැගුනු විශාල සාහිත්‍යයක් ද තිබේ. මගේ පුස්තකාලය තුළ ඔහු පිළිබඳව ලියවූණු පොත් 17 ක් තිබේ. ඒවායින් හතරක් ඉංගී‍්‍රසි පොත්ය. අනෙක්වා සිංහල පොත්ය. ඒවා පිළිබඳ මූලික තොරතුරු වන පොතේ නම, කර්තෘගේ නම සහ ප‍්‍රකාශිත වසර යන අනු පිළිවෙලින් පහත සඳහන් කරමි.
අංකය
පොතේ නම
කර්තෘ
ප‍්‍රකාශිත වර්ෂය
1
උතුවන්කන්දේ සූර සරදියෙල් අප්පු
උග මර්තේලිස් අප්පු
1902
2
ලෝක ප‍්‍රසිද්ධ උතුවන්කන්දේ සර්දියෙල්
නාටකය
ඇල්.ඩි.ඒ. රත්නායක
1924
3
දී කිරි කෑවගේ අදාසි අප්පු
නිකුලස් බස්
1953
4
සර්දියෙල්
නුවරඑළියේ හේමපාල
1963
5
ී්ර්ාසැක එයැ ඍදඉසබයදදා දෙ ක්‍ැහකදබ
ත්‍රගග ඡු්න්‍ඊ ්බඑයදබසබමි
1964
6
සර්දියෙල්
ගුණසේන විතාන
1987
7
ඛදරා දෙ එයැ පදමබඒසබ
ඔයැ ී්ර්ාසැක ඡුදැපි
ඍසැබ‘ස ක්‍රමි‘
1999
8
ී්ර්ාසැක
ඨමබ්ිැබ් ඪසඑය්බ්
1997
9
සරදියෙල් වතගොත
ජී.ටි. වික‍්‍රමසිංහ
2000
10
ී්රාසැක ඔයැ ීරස ක්බන්බ ඊමිය ර්බටැර
ෘගඊග ණමරමචචම
2001
11
සර්දියෙල් ඇල්ලීම සහ ඇල්ෆ‍්‍රඞ් කුමරු පිළිගැනීම
සිරි තිලකසිරි
2001
12
සර්දියෙල්
රියෙන්සි කෲස් පරිවර්තනය ලක්‍ෂ්මි, සීතා සහ තිස්ස
2002
13
උතුවන්කන්දේ සූර සරදියෙල්
සුමනසිරි දසනායක
2003
14
ඉංගි‍්‍රසි පාලනයට එරෙහිව කැරලි ගැසු සරදියෙල්
විමලසේන ඉහළගම
2006
15
උතුවන්කන්දේ සූර සරදියෙල්
කොටදෙණියේ නාරද හිමි
2006
16
උතුවන්කන්දේ සූර සරදියෙල්
ඊ.ටි. කන්නන්ගර
2007
17
සරදියෙල් උතුවන්කන්දේ වීරයා
තිස්ස හේවාවසම්
සරදියෙල් පිළිබඳව ලියවුණු හොඳම පර්යේෂණ ග‍්‍රන්ථය නම් ආචාර්ය ඡුග්ගඨගඊග අන්තොනියස් පියනම විසින් ලියන ලද ී්රාසැකග ඔයැ ඍදඉසබයදදා දෙ ක්‍ැහකදබ :සරදියෙල්ගලංකාවේ රොබින්හුඞ්* නැමති ඉංගී‍්‍රසි ග‍්‍රන්ථයයි. එය සූර සරදියෙල් එල්ලා මරා වසර 100 ක් පිරීම නිමිත්තෙන් 1964 ප‍්‍රකාශයට පත් කරන ලද්දකි.
සූරදියෙල් ”ශ‍්‍රී ලංකාවේ රොබින්හුඞ්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීම නිසා ඔහු ලෝක ප‍්‍රසිද්ධියට පත් විය.
මීට අමතරව දහනම වන සහ විසිවන සියවස්වල විවිධ ලේඛකයන් විසින් ඉංගී‍්‍රසියෙන් ලියන ලද පොත්පත් වලද සරදියෙල් පිළිබඳව තොරතුරු සටහන් කර තිබේ. ්‍යගඋග කේව් 1907 දී ලියන ලද රුයින් සිටීස් ඔෆ් සිලෝන් හි කැකිරාවේ තානායම් පාලකයා වු කාපිරි මිනිසා විසින් සරදියෙල් පිළිබඳ කියු කරුණු සවිස්තරව සටහන් කර තිබේ. ඒ කාපිරි මිනිසා සරදියෙල් ඇල්ලීම සඳහා ලංකා රයිෆල් රෙජිමේන්තුවේ සෙබළෙකු ලෙස සහභාගි වි තිබේ.
අලිි පුවාඞ් 1920 දී ලියූ සිලෝන්, ෆෙඞ්රික් ලෙවිස් 1926 දී ලියූ ලංකාවේ වසර 64 ක්,
ජි.කේ. පිපට් 1938 දී ලියූ හිස්ටි‍්‍ර ඔෆ් ද සිලෝන් පොලිස්, ඩබ්ලිව්.ටී. කීබල් 1940 දී ලියූ සිලෝන් බීටන් ට‍්‍රැක්, ආර්.එච්. ලොක් විඞ් 1941 දී ලියූ හව් ටු සී සිලෝන්, දොස්තර ආර්.එස්. ස්පිටල් 1942 දී ලියූ සැවෙජ් සැන්චුවරි, දොස්තර ලූශන් ද සිල්වා 1967 දී ලියූ සිීන්ස් ඔෆ් ඒ ලයිෆ්ටයිම්, සරදියෙල් සහ උතුවන්කන්ද ගැන ඉතා රසවත් තොරතුරු සටහන් කර තිබේ.
මාවනැල්ලේ අංවාරම පදිංචි මාගෙන් ප‍්‍රතිකාර ලබාගත් රෝගීයෙකු වු ඇලෝසියස් පෙරේරා ගුරුතුමා විසින් මා වෙත ලබාදුන් සරදියෙල් පිළිබඳ ලියවුණු පුවත් පත් ලිපි කියවීමෙන් පසු මා හටද සරදියෙල් උණ බෝ විය. ඉන්පසු මම සරදියෙල් පිළිබඳ තොරතුරු එකතු කරන්නට පටන් ගත්තෙමි. ඊට අමතර 19 වන සියවසේ ලංකාව පිළිබඳ විදේශිකයන් විසින් ලියන ලද පොත් පත්ද එකතු කළෙමි. එමඟින් එකල කන්ද උඩරට ජීවත්වු මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
රත්නපාල, සම්පත්, දේවසිංහ සහ පේ‍්‍රමරත්න යන මහත්වරුන් සමඟ සරදියෙල් ගල නැඟ්ගේ එම පොත් පත් සියල්ලම පාහේ මා විසින් කියවීමෙන් පසුවය. අප සරදියෙල් ගුහාව නරඹා පහලට බැස උතුවන පාර දිගේ එන විට සවස් වී තිබුණි.
”මේ හරියට කියන නම? ” මම දේවසිංහ මහතාගෙන් ඇසුවෙමි.
”හෙලපිට කුඹුර, වරලවත්ත”
”හරි ලස්සන පළාත” ලංකාවේ රොබින්හුඞ් උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය තැනීමට සුදුසු ස්ථානය මේ යැයි මට සිතුනි.
”බැරි වෙයිද මේ හරියෙන් ඉඩම් කෑල්ලක් හොයා ගන්න. මම විමසුවෙමි.
”සොයන්නාට සම්බවේ” කීවාක් මෙන් සම්පත් ගෙන් මා හට වරලවත්ත විකිණීමට ඇති බව දැනගන්නට ලැබුණි. අවසානයේදී නාලක, ලයනල් සහ මුහන්දිරම් යන අයගෙන් ඉඩම් කැබලි තුනක් මිළදි ගෙන අකක්ර 6 ක පමණ වු ඉඩමක් තනා ගතිමි. උතුවන පාරේ වම්පැත්තේ පිහිටි කන්ද උතුවන්කන්දයි. දකුණු පස පිහිටි කන්ද වරලවත්ත කන්දයි. වරලවත්ත කන්දට උතුවන්කන්ද හොඳින් පෙනේ. වරලවත්ත කඳු මුදුනේ සිට උතුවන්කන්දේ සරදියෙල් ගුහාව පිහිටි තැනට කේබල් කාරයක් වුවද යැවිය හැකිය. මම අනාගත සිහිනය මැව්වෙමි.
මම සංචාරය පි‍්‍රය කරන්නෙමි. විදේශ සංචාරයන්හිදි ඇසු දුටු දේ සරදියෙල් ගම්මානය තැනිමේදී ප‍්‍රයෝජනයට ගැනීමට තීරණය කළෙමි. උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය තැනීමේදී මා ගුරු කොටගත් විදේශීය සංචාරක මධ්‍යස්ථානයන් කිහිපයක් පිළිබඳ තොරතුරු පහත සඳහන් කරන්නෙමි.
ඇලස්කාවේ එස්කිමෝවරුන්ගේ පාරම්පරික ගම්මානයක් ඇන්කරේජ් නගරයෙහි ගොඩනඟා තිබේ. පැරණි එස්කිමෝවරුන් ලෙස ඇදගෙන ඉග්ලූ නිවාසවල ජිවත්වුනේ නියම ඇස්කිමෝවරුන් නොව ඇන්කරේජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කොරියානු තරුණ තරුණියන්ය. එස්කිමෝවරුන් ගේ ජීවන රටාව අද වෙනස් වී ගොසිනි. එහෙත් ඇන්කරේ නගරයේ ගොඩනඟා ඇති සංස්කෘතික ගම්මානය නැරඹීමෙන් අතීතයේදී එස්කිමෝවරුන් ගත කල ජීවිතය හොඳින් තේරුම් ගත හැකි විය.
නවසීලන්තයේ දකුණු දුපතෙහි පිහිටි පැරණිම බැටළු ගොවිපල වටිනා සංචාරක නිකේතනියකි. එහි වැඩ කරන අය ඇද පැළද සිටින්නේ 18 වන සියවසේ ඇඳුම් පැළඳුම්ය. භාවිතා කරන්නේ පැරණි ගොවි උපකරණයන්ය. නවසීලන්තයේ ජිීවත්වන මා සොයුරු බන්දුසේන යු. ගමගේ සමඟ එම ගොවිපල නැරඹීමට ගොස් ඇත්තෙමි.
සූර සරදියෙල්ගේ කතාව මූර්ති මඟින් ඉදිරිපත් කිරීමට මා තීරණය කලේ ඉන්දියාවේ ගෝවේ පිහිටි ”ඇන්සෙස්ට‍්‍රල් ගෝවා” නැමති එළිමහන් කෞතුකාගාරය නැරඹීමෙන් පසුවය. එහි ගෝවේට පෘතුගිසින් පැමිණ එහි යුරෝපා සංස්කෘතිය ස්ථාපිත කල ආකාරය මොනවට මූර්ති මඟින් නිරූපණය කර තිබේ.
අප රටේ බොහෝ විහාරස්ථානවල මූර්ති මඟින් ජාතක කථා නිරූපණය කර තිබේ. එය අප සිංහල බෞද්ධ සංස්කෘතියේ එක් අංගයකි. එබැවින් සූර සරදියෙල්ගේ කතාව ද මූර්ති උපයෝගී කර ගනිමින් නිර්මාණය කිරීමට තීරණය කළෙමි.
No comments:
Post a Comment