WELCOME TO THE SARADIEL VILLAGE.FOR MORE DETAILS VISIT OUR WEB SITE www.robinhoodofceylon.com

Thursday, September 13, 2012

උතුවන්කන්දේ සරදියෙල් ගම්මානය නිර්මාණය කල හැටි - 2


උතුවන්කන්දේ සරදියෙල් ගම්මානය නිර්මාණය කල හැටි - 2
අපි සරදියෙල් සැඟවි සිටි ගල් ගුහාව නැරඹීමට ගියෙමු.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යු.ගමගේ


උතුවන්කන්දේ ”සූර සරදියෙල් උණ” මා හට බෝ කලේ මගෙන් ප‍්‍රතිකාර ලබාගත් රෝගීයෙකුගේ බව මින් පෙර සඳහන් කළෙමි. ඒ උතුවන්කන්දේ අන්වාරම ජිීවත් වු ඇලෝසියස් පෙරේරා ගුරුතුමාය.
”අපි යමුද සරදියෙල් ගල නඟින්න” මා මිත‍්‍ර රත්නපාල මහතාට 2008 වසරේ දිනකදි මම යෝජනාවක් කළෙමි.
උග රත්නපාල මහතා එකල මාවනැල්ලේ කොට්ඨාශයේ සහකාර අධ්‍යාපන අධක්‍ෂවරයාය. ඔහු මගේ කළ්‍යාණ මිත‍්‍රයාය.
”යමු ලබන සති අන්තයේදීම යමු. අපි දේවසිංහ ට ගමන සංවිධානය කරන්න කියමු.” ඔහු මා කල යෝජනාව එක හෙලාම ස්ථිර කළේය.
දේවසිංහ මහතා ජීවත් වන්නේ උතුවන්කන්දේ සරදියෙල් ගල පාමුලය. ඔහු රත්නපාල මහතා සහ මා සාමාජිකත්වය දරණ ”සර්ද්‍රා” නමැති ස්චේචිඡුා සංවිධානයේ කෘෂිකර්ම උපදේශකවරයාය. රත්නපාල මහතා එහි විධායක අධ්‍යක්‍ෂකවරයාය. මා එහි භාණ්ඩාගාරිකය. එවලේම රත්නපාල මහතා සෙලියුලර් දුරකථනයෙන් දේවසිංහ මහතා ඇමතුවේය. ඔහු උතුවන්කන්ද නැඟීමේ සංචාරය සංවිධානය කිීරිමට එකඟ විය.
උතුවන්කන්ද ඉතා මනරම් ගම් පියසකි. වෙල්යාය මැදින් වැටී ඇති පාරේ දකුණු අත පැත්තේ හමුවන්නේ උතුවන පන්සලය. ඒ අසල පාර අයිනේ බෝධියකි. එයට එකල සූර සරදියෙල් දිනපතා වැදුම් පිදුම් කල බව ”නවයුගය” සඟරාවට ලියා තිබුණු ලිපියක මා කියවා තිබුණි.
දේවසිංහ මහතා ඔහුගේ ඥාතියෙකු වු පේ‍්‍රමරත්න මහතා ද සමඟ උතුවන පාසල අසලදී අප හමුවිය. අපි කතා බස් කරමින් උතුවන්කන්දේ සරදියෙල් ගල් කුළ වෙත පා නැගුවෙමු.
ඇලෝසියස් පෙරේරා ගුරුතුමාට ප‍්‍රතිකාර කිරීමට ගිය විට ඔහු මා සමඟ වැඩිපුර කථා කලේ ඔහුගේ රෝගය ගැන නොව සූර සරදියෙල් ගැනය. ඉන්පසු මම සූර සරදියෙල් ගැන ලියවුණු පොත් පත් ද මිලදී ගෙන කියවා මාගේ පෞද්ගලික පුස්තකාලයේ තැන්පත් කර ගතිමි. ඒ නිසා සරදියෙල් ගේ ජීවිත කථාව සහ ඔහු වටා ගෙතුණු ප‍්‍රබන්ධ සියල්ලක්ම පාහේ ඒ වන විටත් මා කියවා තිබුණි.
සරදියෙල් ඉපදුණේ 1932 වසරේදීය. එනම් කන්ද උඩරට රාජධානිය ඉංගී‍්‍රසින් විසින් යටත් කරගෙන වසර 17 කට පසුවය. 1815 දී සිංහලයේ අවසන් රජු වු ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ තම අග බිසව වු රෙංගම්මා සමඟ දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයේ පිහිටි ඉංගී‍්‍රසි  සිර කඳවුරට පිටුවහල් කළේය. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ අන්තංපුරයේ සිටි ඉතිරි කාන්තාවන් දකුණු ඉන්දියාව බලා ගියේ නැත. ඔවුන් රජ වාසලට සම්බන්ධකම් තිබු නිවෙස් වල ජීවත් විය.
සරදියෙල් ගේ මවගේ නම පිචෝහාමිය. ඇයගේ මව ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ අන්තංපුරයේ සිිට මොල්ලිගාඩ මහ අදිකාරම් තුමාගේ ආරක්‍ෂාව යටතේ මොල්ලිගොඩ වලව්වට පැමිණි කාන්තාවකි. ඒ වන විටත් පිචෝ හාමි කුඩා දරුවෙකි. ඇය ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ දරුවකු යයි ජනප‍්‍රවාදයක් ද පවතී.
මොල්ලිගොඩ අගමැති ඉංගී‍්‍රසින්ට පක්‍ෂපාතිවු පසු රාජසිංහ රජ්ජුරුවන්ගේ ඥාතින් වන නායක්කර් වංශිකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම අත් හැරියේය. මොල්ලිගොඩගේ අරාක්‍ෂාව පතා පැමිණි පිචෝහාමිට සහ ඇයගේ මවට සිදුවුනේ මොල්ලිගොඩ වලව්ව අතහැරයාමටය.
1815 දී උඩරට යටත් කර ගැනිමෙන් පසු මේජර් තෝමස් ස්කිනර්ගේ නායකත්වය යටතේ කොළඹ නුවර මහා මාර්ගය අඹේපුස්සේ සිට ඉදිවිය. ඒ නිසා ගැල් කරුවන්ට හොඳ කලක් උදාවිය. පහත රටින් පැමිණි ව්‍යාපාරිකයෝ උඩරට වතුවල වැවු කෝපි ප‍්‍රවාහනය කිරිමේ කොන්ත‍්‍රාත්තුව භාර ගත්තෝය. ඉංගී‍්‍රසින් යටතේ ලංකාවේ පළමුවෙන්ම පොහොසත් වූවෝ ඔවුහුය.
ඇලෝසියස් පෙරේරා මහත්මියගේ සීයා වු මුල්ලේරියාවේ සිට පැමිණි හේන්දිරික් අප්පුහාමි ද එවැන්නෙකි. ඔහු අංවාරම කරත්තගාලක්, කෝපි කඩයක් සහ උතුවන්කන්දේ අශ්ව ඉස්තාලයක් පවත්වා ගෙන ගියේය. ඒ සඳහා ඔහුට බොහෝ සේවකයන් අවශ්‍ය විය. පිචෝහාමි සහ ඇයගේ මව හෙන්දිරික් අප්පුහාමිගේ භාර්යාව (මුල්ලේරියාවේ හාමිනේ* ළඟට පැමිණියේ ඇයට අත් උදව් දීමටය. රජ වාසලේ සිට මොල්ලිගොඩ වලව්වටත් එතැන් සිට ගාලේ ගෙදරටත් පැමිණි පිචෝහාමි නාඹර වියේ පසුවු රුමත් තරුණිියක් වූවාය. මුල්ලේරියාවේ හාමිනේගේ දරුවන් බලා ගනිමින් කෝපි කඬේ ආප්ප පිච්චුවේත් පිචෝ හාමි සහ ඇයගේ මවය. ඉදි ආප්ප, පිට්ටු, ආප්ප වැනි කඩයප්පම් රාජසිංහ රජ්ජුරුවන්ගේ පරපුරේ අය පැමිණි මලබාර් ප‍්‍රදේශයේ උපත ලැබු ආහාරයන්ය. එබැවින් පිචෝහාමිට සහ ඇයගේ මවට කඩයප්පම් තැනීමේ හැකියාව ඉතා හොඳින් තිබුනි.
මවගේ මරණයෙන් පසු  හෙන්දිරික් අප්පුහාමි ගාලේගෙදර පසෙක වු කෝපි කඩය පවත්වා ගෙන යාමට පිචෝහාමිට භාර කළේය. මීගමුවේ හාල්ඳඩුවන සිට දුම්කොළ උඩරටට ප‍්‍රවාහනය කළේ කරත්ත කරුවකු වු අදාසි අප්පු පිචෝහාමි සමඟ හාද විය. එකල පහත රට මෙන් විවාහ නීතියක් උඩරට ප‍්‍රදේශයේ තිබුනේ නැත. පැවතුනේ විවාහය පිළිබඳ සම්මතයන් හා චාරිත‍්‍ර වාරිත‍්‍ර පමණි. අදාසි අප්පු ද ගුණ යහපත් කඩවසම් ඉලන්දාරියෙකු වු බැවින් හෙන්දිරික් අප්පුහාමි සහ හාමිනේ ඔවුන් දෙදෙනාගේ විවාහයට සුභ පැතුවෝය.
සරදියෙල්, පිචෝහාමි බිහි කල පළමුවෙනි දරුවාය. ඉන්පසු පේදුරු, ගේබි‍්‍රයෙල්, මර්තා සහ අන්තනි යන දරුවන් බිහි කළාය. ඔවුන් හැදුනේ වැඩුනේ පිටිසර ගම්මානයේ නොවේ. කඩමණ්ඩියෙහිය. අනෙක් දරුවන්ට වඩා ලොකු පුත් සරදියෙල් අප්පුට පිචෝහාමි මහත් සේ ආදරය කළාය.
අදාසි අප්පු කතෝලිකයෙකි. පිචෝහාමි බෞදධ කාන්තාවකි. බෙලිගම්මන පන්සලේ නායක හාමුදුරුවන්ට පිචෝහාමි සරදියෙල් බාර දුන්නේ ඔහු හොඳ බෞද්ධයකු කිරිමේ අදහසිනි. සරදියෙල් ඉගෙනීමට දක්‍ෂයෙකි. බෙලිගම්මන හාමුදුරුවන් ඔහු ඉලූක්ගොඩ පන්සලට බාර දුන්නේ එහි දහම් පාසලක් තිබුණු බැවිනි.
 ගොන්දිවෙල ආරච්චිලාගේ මල්ලි පොහොසත් මුදලාලි කෙනෙකි. ඔහුගේ පුත් රංබණ්ඩා ආඩම්බර කාරයෙකි. ඔහු සරදියෙල්ට පරිභව කළ විට සරදියෙල් රංබණ්ඩාට පහර දුන්නේය. ඒ බව රංබණ්ඩාගේ පියා ගෝන්දිවෙල ආරච්චිට කිවේය. ඔහු සරදියෙල් රංබණ්ඩාගේ රීදි හවඩිය සොරාගත්තා යයි උතුවන්කන්ද පොලීසියට බොරු පැමිණිල්ලක් කළේය. ඒ බොරු චෝදනාව මත සරදියෙල් පොලිස් කූඩුවේ හිර කර තැබුවේය. සරදියෙල් සමාජ අසාධාරණයට විරුද්ධව නැගී සිටින්නේ එතැන් සිටය. සමාජ අසාධාරණයට විරද්ධව සටන් කිරිීමට ගොස් සරදියෙල් කිහිප විටක්ම හිරේ විලංගුවේ වැටුනේය. අවසානයේ හිරෙන් පැනවිත් සහචරයන් සමඟ එක්වි උතුවන්කන්දේ ගල්ලෙන ඔහුගේ වාසස්ථානය කර ගත්තේය. ඒ නිසා උතුවන්කන්දේ ගල් පර්වතය ”සරදියෙල් ගල” බවට පත්විය.
සූර සරදියෙල්ගේ හැසිරිම් රටාව බොහෝ දුරට ෂර්වුඩයේ රොබින්හුඞ් ගේ හැසිරිම් රටාවට සමාන විය. එබැවින් බි‍්‍රතාන්‍ය ජාතිකයන් ඔහු ලංකාවේ රොබින්හුඞ් ලෙස හැදින්වූවේය. ෂර්වුඞ් වනය දකින මිනිසුන්ට රොබින්හුඞ් සිහිවෙනවාක් මෙන් උතුවන්කන්ද දකින හැම විටම අපට  සිහිවන්නේ සූර සරදියෙල්ය.
උතුවන පාසැලේ සිට සරදියෙල් ගලට සැතපුම් භාගයක් පමණ දුරය. සූර සරදියෙල්ගේ පවුලේ තොරතුරු කතා කරමින් දැන් අපි සරදියෙල් ගල පාමුල පිහිටි ගල් ගුහාව වෙත පැමිණ සිටින්නෙමු.
අපි පළමුවෙන්ම සරදියෙල් සැඟවි සිටි ගල් ගුහාව බැලීමට යාමයි. 1982 බාල දක්‍ෂ ජම්බෝරියක් එහි පවත්වා ඇති බවට සරදියෙල් ගල්ගුහාවේ දොරකඩ සනිටුහන් කර තිබුනි. ගල් ගුහාවට පිවිසෙන දොරටුව තවත් විශාල ගල් කිහිපයකින් අවහිර වී තිබුණි. එම ගල් මෑත කාලයේදී ගල් කුළෙන් කඩා වැටුණු ඒවා විය යුතුය.
සරදියෙල් ගල් ගුහාව අඩි 80 ක් පමණ දිගින් යුක්තය. ඇතුළට යා යුත්තේ නැමීගෙනය. තවත් ඇතුළට යා යුත්තේ දණ ගාගෙනය. ඇතුලේදී ගුහාව කිහිප අතකට බෙදේ. එක් පැත්තක ඇඳක් මෙන් පැතලි ගලකි. එය සරදියෙල් නිදාගත්ත ඇඳ යයි සලකනු ලැබේ.
සූර සරදියෙල් තම සහචරයන් සමඟ සැඟවි සිටියායි සැලකෙන එම ගුහාව කිසිවෙකු විසින් තනන ලද්දක් නොවේ. ස්වභාවිකාව ඇතිවු එකකි. වර්ෂාව කාලයේදී ගල්කුළෙන් පහළට  ගලා ආ ජලය මඟින් සිදුවු පාංශූ ඛාදනය ගල් ගුහාව ඇති වීම සඳහා හේතු වන්නට ඇත.
පේ‍්‍රමරත්න මහතා රැුගෙන ආ අධිබලැති විදුලි පන්දම ආධාරයෙන් එහි අභ්‍යන්තරය හොඳින් ආලෝකමත් කල හැකි විය. ගල්ගෙන තුළින් වවුල් ගඳ වහනය විය. තැනින් තැන වතුර කාන්දු වීම නිසා තෙත් වී තිබුණි. එම ස්ථානවල කටුස්සන් සහ ගෙම්බන් දක්නට ලැබුණි.
උතුවන්කන්ද මුහුදු මට්ටමේ සිට අඩි   1410   ක් උසය. මොළගොඩ සානුවේ සිට එකවර අඩි 400 ක් පමණ ඉහළට නගින ගල් කුළ එදා සුදු ජාතිකයන් හැඳින්වුයේ ”කාසල් රොක්” :ක්‍්ිඑකැ ඍදජන* නමිනි. එයට හේතුව එය බි‍්‍රතාන්‍ය රජ මාළිගාවක හැඩය ගත් බැවිනි.
දිවයිනේ විවිධ පෙදෙස් වලින් පැමිණෙන ශක්තිවන්ත තරුණයන් ගල් කුළ මතට නගිති. සුළඟට විසිවී යාම වැළැක්වීම සඳහා අල්ලා ගැනිමට යකඩ කූරු තුනක් ගල්කුළ මුදුනේ සවිකර තිබේ. ඒවා මිනින්දෝරු ආර්.එල්. බ්‍රෝහියර් සමයේ එනම් විසිවන සියවසේ මුල් භාගයේදී මිනින්දෝරු කටයුතු සඳහා රාතී‍්‍ර කාලයේදී පෙට්ට්‍රෝල් මැක්ස් ලාම්පු එල්ලීම සඳහා භාවිතා කල ඒවාය.
විසිවන සියවසේ මිනින්දෝරු කටයුතු සඳහා භාවිතා කලත් 19 වෙනි සියවසේදී එය භාවිතා කලේ සූර සරදියෙල්ගේ බැලූම් ගල වශයෙනි. ගල මුදුනේ සිට බැලූ කල කෑගල්ල දෙසින් ගමන් කරන අශ්ව කරත්ත සහ ගැල් හොඳින් පෙනේ. ගැල් උතුවන්කන්ද නඟින විට සරදියෙල් තම සහචරයන් සමඟ පැමිණ ඒවා කොල්ල කන්නට ඇත. එසේ කොල්ල කෑ ධනය ෂර්වුඩයේ රොබින්හුඞ් මෙන් දුප්පත් ගම්මුන් අතර බෙදා දෙන්නට ඇත.
සරදියෙල් ගල නැගීම මඟින් දෙස විදෙස් සංචාරකයන් හට විනෝදයක් ගෙන දෙන බව පෙනේ. එබැවින් සරදියෙල් ගල අවට සංචාරකයන් සඳහා නිවාඩු නිකේතනයක් ඉදි කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට හේතු වනු ඇතැයි සිතුවෙමි.
ලංකාවේ රොබින්හුඞ් හෙවත් සූර සරදියෙල් නමින් කෞතුකාගාරයක් සහිත හෝටලයක් වැනි දෙයක් කොළඹ නුවර පාර අයිනේ උතුවන්කන්ද පෙනෙන තෙක් මානයේ තැනිය යුතු යයි මා හට සිතක් පහලවි තිබුණි. ඒ වෙනුවට උතුවන්කන්ද අසල පිහිටි සුන්දර පරිසරය තුළ නිවාඩු නිකේතනයක් වැනි දෙයක් සැදීමට හැකි නම් කොයිතරම් හොඳදැයි සරදියෙල් කඳු මුදුනේ සිට සුන්දරවු හාත්පස දෙස බලන විට මට සිතුනි.
මේ අනුව සූර සරදියෙල් ගම්මානය පිළිබද සිහිනය මා සිත්තුළ හට ගත්තේ  උතුවන්කන්ද නැංග දිනයේදීමය. එනම් 2008 වසරේදීය. 2012 වන විට එම සිහිනය සැබෑ කරගත හැකි විය. සරදියෙල් ගම්මානය 2012 ජනවාරි 29 වන දින ජනතාව සඳහා විවෘත විය. සෑම දිනකම පෙ.ව. 8.00 සිට පස්වරු 4.00 දක්වා එය විවෘතය. පූජය පක්‍ෂයට සහ පෙර පාසල් සිසුන්ට අය කීරිමක් නැත. නිල ඇඳුමෙන් පැමිණෙන පාසැල් සිසුන් සඳහා ටිකට් පතක මිල රු.20රැුු කි. ළමුන්ට රු. 50රැුු කි. වැඩිහිටියන්ට රු. 100රැුු කි. පහත සඳහන් දුරකථන අංකයන්ගෙන් වැඩිපුර තොරතුරු ලබාගත හැකිය. 072-2220318ල 077-9418999ල 0777-808979

                                                                    අදාසි අප්පු


 වැලි පිල්ලේ අකුර කරන සරදියෙල්a


 සරදියෙල් සල්ලි බෙදන අයුරු


පිචෝහාමි

No comments:

Post a Comment