සූර සරදියෙල් ගම්මානයේ විශ්ව කර්ම මූර්ති ශිල්පියා
කලාභූෂණ මිල්ටන් ජයපාල
විශේෂඥ වෛද්‍ය ආරියසේන යු. ගමගේ
උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය ගෙඩනැඟීමේදී සූර සරදියෙල් චරිතය සහ එදා පැවති සමාජය ප‍්‍රති නිර්මාණය කිරීමේදී සුවිශේෂිතම තැන හිමි වන්නේ මූර්ති ශිල්පියාටය. ඒ සඳහා සුදුසුම මූර්ති ශිල්පියා මා සොයා ගත යුතුය.
පළමුවෙන්ම මා කලේ ලංකාවේ සංචාරය කරන තැන්වල ගොඩනඟා ඇති මූර්ති නැරඹීමයි. ඉන්පසුව ඒවා තනා ඇති අය කවුදැයි සෙයා බැලීමයි. කොළඹ නුවර පාරේ ගලිගමුව හන්දියෙන් අවිස්සාවේල්ලට හැරෙන පාර පටන් ගන්නා තැන තුවක්කුවක් අතැතිව සිටින්නේ සූර සරදියෙල්ය. එය මා සිත් ගත්තේය. එතැන් පටන් ගලිගමුව ප‍්‍රදේශයේ සිට ප‍්‍රතිකාර ගැනීමට මා සොයා එන ජනතාවගෙන් එම මූර්ති ශිල්පියා පිළිබඳව විමසුවෙමි. නලින් නමැති මාගේ මිත‍්‍රයා එම මූර්ති ශිල්පියා ගැන දැන සිටියේය. නලින් මඟින් යැවු පණිවිඩයට මූර්ති ශිල්පියා ප‍්‍රතිචාර දැක්වුවේය.
ඔහු කොළඹ සෞන්දර්යය ආයතනයෙන් මූර්ති ශිල්පය පිළිබඳව ඉහළම සාමාර්ථයක් ලබාගත් උපාධිධාරියෙකි. මම ඔහු ගැන පැහැදුනෙමි. ඔහු මූර්ති සියල්ලම කර දීමට එකඟ විය. ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වන නිසා ඒ සඳහා වියදමට තරුණ මූර්ති ශිල්පියාට රුපියල් ලක්‍ෂයක අත්තිකාරමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. දක්‍ෂ තරුණ ශිල්පියකුට අත දීමට මා හට අවස්ථාවක් ලැබුණි. මම එකඟ වුනෙමි. ගිවිසුම් අත්සන් කළෙමි. වහා මොළගොඩට ගොස් මැටි ගෙනවිත් ගොඩගසා ප‍්‍රථම මූර්තිය තැනීම ඇරඹුනි. ඒ සඳහා මාගේ රෝහලේ කාමරයක් ඔහු වෙනුවෙන් ලබා දුනිමි. ඔහු සූර සරදියෙල් ගේ සහ ඔහුගේ සගයන්ගේ මූර්ති කිහිපයක් මැටියෙන් තැනුවේය. ඒ සඳහා ඔහු දිනපතා පැමිණියේ නැත. එබැවින් එම මූර්ති වියලි ඉරි තැලී කඩා වැටුණේය. ඔහු පොරොන්දු වු අයුරින් කටයුතු කලේ නැත. ඔහු මාගේ මුදල් සහ කාලය වංචා කළේය. අවසානයේදී මා ඒ පිළිබදව පොලීසියට පැමිණිලි කළෙමි. ඔහු පොලීසියට විත් එම කටයුත්ත වසරක් ඇතුලත කර දෙන බවට පොරොන්දු වුවත් එය ඉටු කලේ නැත.
දක්‍ෂ නිර්මාණශීලි තරුණයෙකු ඔහුගේ වංචා සහගත සිත නිසා අභාවයට යන අයුරු දැක මම කණගාටුවට පත් වුනෙමි. දුක් වුනෙමි. එවැනි තත්ත්වයකට ඔහු පත් වුනේ අධික දුම්පානය සහ මත් පැනට ඇබ්බැහි වීමත් නිසායැයි මට සිතුනි.
මා හට පානදුරේ අරියධම්ම හාමුදුරුවන්් පැවසු උපදේශයක් මතක් විය. එය මෙසේය.
”අපට ලැබුණු මී අඹ ගොඩකින් එකක් නරක් වී ඇත්නම් අපි ඒකට ඇන ඇන ගදගස්සමින් තලා දැමීම සුදුසු නැහැ. කල යුත්තේ කුනු වෙච්ච අඹය පැත්තකින් තියලා හොඳ අඹයක් තෝරලා එය කපාගෙන කෑමයි.” ඒ අනුව යමින් මම වෙනත් හොඳ මී අඹයක් සෙව්වෙමි.
නවසීලන්තයේ ජිීවත්වන මාගේ ලොකු අයියා ශ‍්‍රී ලංකාවට පැමිණි විට ඔහු සමඟ රටේ සුන්දර තැන්වල සංචාරය කිරීම අපගේ සිරිතය. මෙවර ගමන සංවිධානය කළේ ඔහුගේ කළණ මිතුරු ධර්මසිරි මහතාය. ධර්මසිරි මහතා අද ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙකි. අයියා සහ ඔහු විශ්ව විද්‍යාල මිතුරන්ය. දෙදෙනාම ලංකා බැංකුවේ සේවයට බැදුණේ එකටය. එපමණක් නොව මා ධර්මසිරි මහතාගේ පවුලේ වෛද්‍යවරයාය.
මෙවර අපි ගියේ නොරොච්චෝලේ පිහිටි නවාඩු නිකේතනයකටය. එහිදී නොරොච්චෝලේ නගරයේ පිහිටි වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට අලංකාර මූර්තියක් දුටුවෙමි. ගොවියෙකුගෙන් එළවළු ගෙන ගෝනියකට ඒවා බහාලන මුදලාලි කෙනෙකුගේ මූර්තියක් අලංකාර ලෙස නිර්මාණය කර තිබුණි. ඔහු කවුදැයි සොයා ගතිමි. දුරකථන අංකයද ලබා ගතිමි.
මූර්තිය නොරොච්චෝලේ තැනුනාට මූර්ති ශිල්පියා සිටින්නේ ගම්පහය. මම ඔහු හමුවීමට ගියෙමි. වෙල් යායක කෙළවර විලකින් වටවු ගල් තලාවක් මත අලංකාර වු නිවසක් තනා ගෙන ජිීවත් වන ඒ අපුරු මිනිසාගේ නම මිල්ටන් ජයපාලය.
ජයපාල මහතා ගම්පහ ප‍්‍රදේශයේ විවිධ ස්ථානවල ඇඹු මූර්ති කිහිපයක් පෙන්වීම සදහා මා කැටුව ගියේය. ඒවා දැනට දශක දෙක තුනකට පෙර තැනූ ඒවාය. තවමත් හොඳ තත්වයේ පවතී. එබැවින් ඔහුගේ මූර්තින්හි ගුණාත්මකභාවය පිළිබඳව පැහැදුනෙමි.
මිල්ටන් ජයපාල මහතා වැඩිකල් නොයවාම මා විසින් නිර්මාණය කරනු ලබන සරදියල් ගම්මානය නැරඹීමට පැමිණියේය. සරදියෙල්ගේ ජීවිත කතාව පිළිබඳ පොත්පත් සහ 19 වන සියවසේ ලබාගත් පින්තූර සහිත පොත්පත් සහ ටෙලි නාට්‍ය සංයුක්ත තැටි ඔහුට ලබා දුන්නෙමි. ඉන්පසු සරදියෙල් චරිතය පිළිබඳවත් ඔහු ජීවත්වූ සමාජයේ ජීවන රටාව පිළිබඳවත් අපි සාකච්ඡුා කරමින් ඇඹිය යුතු මූර්තින් මොනවාදැයි තීරණය කළෙමි.
මිල්ටන් ජයපාල මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ පහළ යාගොඩ ශී‍්‍ර ස්වර්ණපාලි මහා විද්‍යාලයෙනි. උසස් අධ්‍යාපනයෙන් පසු ශි‍්‍ර ලංකා ජාතික කලායතනයට (1965-1970* බැදි ලලිත කලාවන් හදාරා 1970 දී කොළඹ කේරි විද්‍යාලයේ චිත‍්‍රකලා ගුරුවරයා ලෙස පත්වීම් ලබාගත්තේය. එහි අවුරුදු 24ක් සේවය කිරීමෙන් පසු 1994 දී විශ‍්‍රාම ගත් ඔහු ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ආගමික, සංස්කෘතික සහ වෙළද මධ්‍යස්ථානයන්හි මූර්ති ඉදි කළේය. ඇල්දෙනිය පල්ලියේ ගර්භවාස දේවමෑණියන්ගේ ප‍්‍රතිමාව, ගම්පහ මැදගම පන්සලේ හස්තිරාජයා සහ කඩවත සමාධි මැදුරේ පන්සලේ සීගිරිය ඔහු විසින් කරන ලද අලංකාර නිර්මාණයන්ය.
”ලංකාවේ බොහෝ ප‍්‍රසිද්ධ ස්ථානයන්හි තනා ඇති මුර්තීන් ජයපාල වැනි දක්ෂ මූුර්ති ශිල්පීන් අතින් නිම නොවන්නේ මන්දැයි සොයා බැලූවෙමි. ඒ පිළිබදව මිල්ටන් ජයපාල මහතා පවසන්නේ මෙවන් අදහසකි,
”යම්කිසි සංවිධානයකින් මුර්තියක් අඹන්න තීරණය කලාම ඒ සඳහා විශාල මුදලක් ඇස්තමේන්තු කරනවා. ඉතින් ඒ මුදල් උඩ ඉදලා පහළට ගසා කනවා, මුර්ති ශිල්පියාට ලැබෙන්නේ සොච්චමයිි. රුපියල් ලක්ෂයකට මුර්තියක් පාස් වුණොත් මුර්ති ශිල්පියාට ලැබෙන්නේ විසිපන්දාහයි. වැඩි කෙටස නිලධාරින්ගේ සහ දේශපාලඥයන්ගේ මල්ලට දාන්න ඕනේ. ඉතින් දක්ෂ මුර්ති ශිල්පියා ඒ වැෙඩිට කැමති වෙන්නේ නෑ. අදක්ෂයෝ බොරුකාරයෝ කැමති වෙනවා. ඒ අය හදන්නෙ කලාත්මක නිර්්මාණ නොවෙයි, මැටි ගොඩවල්.”
මිල්ටන් ජයපාල මහතා අවංක පුද්ගලයෙකි. ඔහු මුදල් ලබාගන්නේ මුර්තිය තනා නිමකළ පසුය. එකවර මූර්තීින් කීපයක් අඹන ඔහු එකක් තැනීමට යකඩ කම්බි සැකිල්ලක් ද, තවෙකක මස් පිරවීමද තවත් එකක අංගෝපාංග නිමාවද සමකාලීනව කරයි. සාමන්‍යයෙන් එක් මුර්තියක් තැනීම සඳහා සතියක් පමණ ගත වේ. ? දහවල් වෙහෙස නොබලා මුර්ති නිර්මාණයේ නියැලෙන ඔහුට කටුක දුෂ්කර ජීවිතය හොඳට පුරුදුය. ආහාරපාන, ඉදුම් හිටුම් පිළිබඳව කිසිදිනෙක ඔහු අඩුපාඩු පැවසුවේ නැත. සරදියෙල් ගමේ සේවක කණ්ඩායම සමඟ සුහදව උපදෙස් දෙමින් විනෝදයෙන් කාලය ගත කරන්නේය.
සූර සරදියෙල් ගම්මානයේ පිළිඹිඹු වන්නේ කන්ද උඩරට ප‍්‍රදේශය සිංහලේ අවසන් රජු වු ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා සිර භාරයට ගැනීමෙන් පසු ඉංගී‍්‍රසින් උඩරට ජන ජීවිතය වෙනස් කල ආකාරයයි. අංවාරම කරත්තගාල, උතුවන්කන්ද කඩමණ්ඩියේ පිහිටි පිචෝහාමිගේ කෝපි කඩය, ගම් මැද්ද, බැද්ද, නාන තොට, කමත, හෙල්මළු වෙල්යාය, මාවනැල්ලේ ගඩොල් පාලම, ඉංගී‍්‍රසි බැරැුක්ක, බලකොටුව බෝගම්බර හිරගෙදර, සභාන් ස්මාරකය සහ සරදියෙල් අම්බලම ප‍්‍රතිිනිර්මාණය කර ඇති අයුරු ඔබට එහිදි දැකබලා ගත හැකිය.
මිල්ටන් ජයපාල ගුරුතුමාගේ මූර්ති ඉතාමත් ස්වාභාවිකය. ඔහුටම ආවේණික වු ආරකට මූර්තීන් අඹා ඇත. දේශිීයත්වය ඒවා තුළත් මොනවට පිළිඹිඹු වේ. මනෝභාවයන් මූර්තින් තුළත් ඉතාමත් හොදින් කැපී පෙනේ. මාවනැල්ල ප‍්‍රදේශීය ලේකම්තුමියගේ නිර්දේශය මත උතුවන්කන්දේ සරදියෙල් ගම්මානයේ නිර්මාණය කරන ලද මූර්තිීන් වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් 2011 දි කලාභූෂණ සම්මානයෙන් ද මිල්ටන් ජයපාල මහතා පිදුම් ලැබුවේය.
මිල්ටන් ජයපාල ගුරුතුමාට මෙම හැකියාව ලැබුනේ් කෙසේදැයි මම කල්පනා කළෙමි. දෙවියන් විසින් ඔහුට එම හැකියාව ලබාදුන්නා යයි බොහෝ දෙනෙකු සිතනු ඇති. එහෙත් නවීන විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු ලෙස මා හට පසක් වන්නේ ඔහුගේ එම විශ්ව කර්ම හැකියාව ඔහු ප‍්‍රවේණිකව ලබාගත් ලබාගත් ජාන සමඟම මුසුවි ඇති බවයි. එය සනාථ කිරීමට ඇති සාධකයක් තිබේ. එනම් ඔහුගේ පුතුන් තිදෙනාම ඉතා දක්‍ෂ කලාකරුවන් වීමයි. වැඩිමහල් පුතු ශාමෙන් මානෝහංස ස්පේ‍්‍රගන් නැමැති උපකරණය භාවිතයෙන් එවලේම මිනිස් රූප අදින දක්‍ෂ චිත‍්‍ර ශිල්පියෙකි. මද්දුමයා, ප‍්‍රගීත් මනෝහංස යකඩ සහ අපතේ යන ද්‍රව්‍යයන් එක්කොට මූර්ති තනන ”ඇසම්බල් ආටිස්ට්” කෙනෙකි. බාල පුත් ජීවන් මනෝහංස සතුන් ස්වාභාවික ආකාරයට නිර්මාණය කරන දක්‍ෂ කලාකරුවෙකි. සංගීතය, ගායනය සහ කලා හැකියාවන් ඔවුන්ගේ ෙසෙල තුළ පිහිටි ජාන සමඟ මිශ‍්‍රවී පවතී. අවාසනාවකට මෙන් එවැනි දක්‍ෂතාවයන් ඇති උදවිය එම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට පෙළඹෙන්නේ නැත. මක් නිසාද යත් කලා කරුවාට වඩා වෛද්‍ය, ඉංජිනේරු සහ පරිපාලකයන්ට සමාජයේ වැඩි පිළිගැනිමක් සහ හොඳ ආදායමක් ලැබෙන බැවිනි.
මා ලෝකයේ බෝහෝ රටවල සංචාරය කොට තිබේ. එම රටවල තිබු මූර්තීන් පිළිබඳවද හදාරා තිබේ. ඒ අනුව බලන කල අපේ රටට ආවේණික වු ආකාරයේ මූර්ති නිර්මාණය කර අග‍්‍රගන්‍ය කලාකරුවෙකු ලෙස මිල්ටන් ජයපාල ගුරුතුමා හඳුන්වා දිීමට පුළුවන. අපි ඔහුට දිගාසිරි පතමු.
No comments:
Post a Comment