WELCOME TO THE SARADIEL VILLAGE.FOR MORE DETAILS VISIT OUR WEB SITE www.robinhoodofceylon.com

Tuesday, September 18, 2012

සූර සරදියෙල් ගම්මානය නිර්මාණය කල හැටි - 4



සූර සරදියෙල් ගම්මානය නිර්මාණය කල හැටි  -  4

නියම රොබින්හුඞ් එංගලන්තයේ රොබින්හුඞ් ද   ලංකාවේ රොබින්හුඞ් ද

 ෂර්වුඩයේ රොබින්හුඞ් ගැන උතුවන්කන්දේ සූර සරදියෙල් දැනගෙන සිටියාද

විශේෂඥ වෛද්‍ය ආරියසේන යු. ගමගේ

        

 
රොබින්හුඞ් යනු එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප‍්‍රදේශයේ පිහිටි ගී‍්‍රන්වුඞ් නම් වනාන්තරයේ දැනට ශතවර්ෂ 6 කට පමණ පෙර ජීවත්වුනා යයි විශ්වාස කරනු ලබන පොදුජන වීරයෙකි'ඔහු පොහොසතුන් ගෙන් ධනය උදුරාගෙන දුප්පත් ජනතාව අතර බෙදා දුන්නේය'අසාධාරණයට එරෙහිව නැඟී සිටියේය'

රොබින්හුඞ් පිලිබඳව මුලින්ම සඳහන් වන්නේ ඉංගී‍්‍රසි බැලේ නාට්‍යයන්වලය' 1450 වසරේදී ලියැවුණු ”රොබින් සහ ටක් පූජකයා” නමැති බැලේ නාටකය මෙතෙක් හමුවී ඇති පැරණිම මූලාශයයි' පසු කලෙක විලියම් ෂේක්ස්පියර් බෙන් ජොන්සන් සහ වෝල්ටර් ස්කොට් වැනි ඉංගී‍්‍රසි ලේඛකයන් රොබින්හුඞ් පිළිබඳව ඔවුන්ගේ කෘතින්හි සඳහන් කර ඇත' එහෙත් රොබින්හුඞ් පිළිබඳව පළමුවරට පොතක් එලි දකින්නේ 1795 දීය' එනම් ජෝශප් රිස්ටන් විසින් ප‍්‍රකාශයට පත්කරන ලද  රොබින්හුඞ් පිළිබඳ කතා එකතුවයි' ඉන්පසු විවිධ ලේඛකයන් විසින් රොබින්හුඞ් පිළිබඳව විවිධ නාටක, නවකථා සහ කෙටිකතා ප‍්‍රකාශයට පත් කරන ලදුව දහ හත්වන සියවසේ අග භාගය වන විට රොබින්හුඞ් පිළිබඳ කතා රැුල්ල ප‍්‍රංශය සහ ඇමරිකාව හරහා හමා ගියේය' එහෙත් මෑත කාලයේ අප කවුරුත් දැක පුරුදු රොබින්හුඞ් පිළිබඳව ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපටිවලට මුල්වුනේ 1980 දි රිචඞ් කාපේන්ටර් නැමති ඉංගී‍්‍රසි ජාතික ලේඛකයා අදියර හතරකින් යුතුව       ”ෂර්වුඩයේ රොබින්හුඞ්”, ”ඍදඉසබ දෙ ීයැරඅදදා” නමින් කරන ලද දැවැන්ත නවකතාවයි'

        රිචඞ් කාපෙන්ටර්ගේ ”ෂර්වුඩයේ රොබින්හුඞ්” නවකතාව ශ‍්‍රී ලංකාවේ සේනාරත්න වීරසිංහ විසින් (2010 කාණ්ඩ හතරකින් යුතුව සිංහලට පරිවර්තනය කර තිබේ' ඊට අමතරව ඩි' ඇම්' කරුණාරත්න මහතා විසින් 2006 දී ද, පී'එල්' කුලරත්න (2005 සහ තිස්ස හේවාවසම් විසින් ද රොබින්හුඞ් පිලිබඳ පොත් සිංහලට පරිවර්තනය කර තිබේ'

        රොබින්හුඞ් පිළිබඳව සිංහලෙන් ලියවුණු පළමු පොත වන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසින් 1957 දී ලියන ලදුව එම්'ඞී'ගුණසේන පොත් සමාගම මඟින් ප‍්‍රසිද්ධියට පත් කරන ලද      ”රොබින්හුඞ්”  නැමති පොතය' එම පොතෙ හැඳින්වීමේ දී ඬේවිඞ් කරුණාරත්නයන් මෙසේ සඳහන් කර තිබේ'

”රොබින්හුඞ් තරම් යුක්තිගරුක වීරයෙකු කවර කලෙක කවර රටක් වුවත් විසු බවක් කිව නොහැක' අපේ උතුවන්කන්දේ සරදියෙල් රොබින්හුඞ් හා කිට්ටුවෙන් ගිය චරිතයක් ලෙස සැලකිය හැකිය'”

        ආතර් රජු (සමහර පොත්වල රිචඞ් රජු මෙන්ම රොබින්හුඞ් ද කිසි කලෙක ජීවත් නොවු පුද්ගලයන් හැටියට ඇතැම් විචාරකයන් සලකති' මේ දෙදෙනාම යථාර්තයෙන් ජීවත්වු තැනැත්තන් බව බහුතරයකගේ පිළිගැනිමයි'

        ඬේවිඞ් කරුණාරත්න මහතාගේ එම ප‍්‍රකාශයත් සමඟ දැන් අපි අපේ සූර සරදියෙල් දෙසට හැරෙමු'

දී කිරිකෑවගේ සරදියෙල් අප්පු 1932 දී උතුවන්කන්දේදී උපදින්නේය' ඒ රොබින්හුඞ්  බිහිවි වසර 600 කට පමණ පසුවය' එංගලන්තයේ ජෝශප් රිස්ටන් (1795* විසින් ”රොබින්හුඞ් කතා එකතුව” ලියා වසර 37 කට පසුවය' ඒ අනුව රොබින්හුඞ් පිළිබඳව එංගලන්තයේ පළවු පොත් පත් රැුගත් බි‍්‍රතාන්‍ය ජාතිකයන් එකල ලංකාවට ද එන්නට ඇත' විවේක කාලයේදී ඔවුන් රොබින්හුඞ් කතාවන් කියවන්නට ඇත'

        කෑගල්ලේ සිට කන්ද උඩරට බලා ගමන් කල බි‍්‍රතාන්‍ය ජාතිකයන් උතුවන්කන්දේ මුදුන දුටුවේ එංගලන්තයේ රයින් මාළිගාව ලෙසය' එය වටා පිහිටියේ ඝන වනාන්තරයකි
 'එය ඔවුන් දුටුවේ ෂර්වුඩයේ ගී‍්‍රන් ෆොරස්ට් නම් වූ වනය ලෙසය' එහි ජීවත් වුන සූර සරදියෙල් සහ මම්මලේ මරික්කාර ඔවුන් දුටුවේ රොබින්හුඞ් සහ ලිට්ල් ජෝන් ලෙසය' නොටිංහැම්හි ටක් පියතුමා මෙහි බෙලිගම්මන හාමුදුරුවන් විය' නොටිංහැම්හි ශෙරිෆ් නයිට්වරයා මෙහි ගෝන්දිවෙල ආරච්චිලා විය. නොටිංහැම්හි ජෝන් කුමාරයා කෑගල්ලේ සෝන්ඩර්ස් උප දිසාපතිවරයා විය' ෂර්වුඩයේ හර්න් වනස්පති දේවතාවාගේ බලය රොබින්හුඞ්ට ලැබුණා සේ ”හෙන රාජ තෛලයේ බලය” සූර සරදියෙල්ට ලැබුණෝය' රොබින්හුඞ් ගේ පෙම්වතිය මැරියන් මෙන් සරදියෙල්ටද මේනකා හෙවත් තංගම්මා නම් පෙම්වතියක් සිටියාය'රොබින්හුඞ් බොහෝ විට වෙස් මාරු කරගෙන පොහොසත් නයිටුවන් බිය ගැන්නුවා සේ සරදියෙල් ද වෙස්මාරු කරගෙන ගොස් සුද්දන් බිය ගැන්වූවේය'දුප්පතුන්ට උදව් කළේය' රොබින් යහපත් නයිටුවන්ට උදව් කලාක් මෙන් සරදියෙල් ද යහපත් වතු හිමියන්ට උදව් කළේය' මේ අනුව බලන කල ෂර්වුඩයේ රොබින්හුඞ්  උතුවන්කන්දේ සරදියෙල්ම විය. සුදු පාලකයන් සූර සරදියෙල් ට බිය වුයේ එබැවිනි' ඔහු ඇල්ලීම සඳහා හත් දහසක් සෙනඟ යෙදවුවේ එබැවිනි. ඔහු එල්ලා මරන ආකාරය නැරඹීම සඳහා ආණ්ඩුකාරයා සිය ආර්යාව සමඟ අශ්ව කරත්තයක නැඟී බෝගම්බර බලා පැමිණියේ සරදියෙල් ලංකාවේ රොබින්හුඞ් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටි බැවිනි'

      

සරදියෙල් එදා උතුවන්කන්දේ ජිවත්වු සාමාන්‍ය ජනතාවට වඩා වෙනස් පුද්ගලයෙක් විය' පිචෝහාමි නම්වු ඔහුගේ මව ඉන්දියාවේ කේරලයේ මලබාර් ප‍්‍රදේශයෙන් පැමිණි ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජ පරපුරේ නායක්කර් වංශික යකඩ දෝලියකගේ  (අන්තංපුර කාන්තාවකගේ දියණියකි' සරදියෙල්ගේ පියා පහත රට මීගමුවේ හාල්ඳඩුවන සිට පැමිණි කතෝලික කරත්තකරුවෙකි' මේ අනුව සරදියෙල්ගේ ප‍්‍රවේණික ජාන පදනම එකල උතුවන්කන්ද ප‍්‍රදේශයේ ජිවත්වු සෙසු ජනතාව ගේ ජන පදනමට වඩා වෙන්වු එකකි' ඔහු පොදු ජනතාව අතර ජීවත් වූවත් ඔහුගේ සිරුර තුළ සංසරණය වුනේ රාජ ලේ යයි මිනිසුන් කිව්වේ ඒ නිසාය' පසු කලෙකදී ඔහු පොදුජන වීරයෙක් ලෙස සැලකීමට පදනම වැටුනේ එතැන් සිටය'

දීකිරි කෑවගේ සරදියෙල් සූරයෙකු බවට පත් වූයේ ඔහුගේ ජාන පදනම පමණක් නිසාම නොවේ'ඔහු කුඩා කාලයේදී පන්සල් අධ්‍යාපනය ලැබුවේය' එමඟින් සිංහල පාලි සංස්කෘත වැනි භාෂාවෙන් ලියන්නට සහ කියවන්නට ඉගෙන ගත්තේය' පසු කලෙක ඔහු කොළඹ යුධ හමුදා බැරැුක්කයක සේවය කළේය' එහිදි ඔහු ඉංගී‍්‍රසි ඉගෙන ගත්තේය' එබැවින් ඔහු සුද්දන් සමඟ ඉංගී‍්‍රසියෙන් කතා කළේය' එබැවින් ඔහු මම්මලේ, උක්කිදා, කිරිහොඳා සිරිමලා සාමන් සහ කාදර් අතර සූර බුද්ධිමත් නායකයෙකු බවට පත්විය'

සරදියෙල් ගේ සොහොයුරකු වු පේදුරු තලවිල පල්ලියේ මූර්ති සිත්තරාය'ගේ‍්‍රබ්රියෙල් මලයා කඩුගන්නාවේ කඩයක් කල මුදලාලි කෙනෙකු බවට පත්විය' බාල මලයා අන්තෝනි මහනුවර ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළේය. එවන් තත්වයක් තුල සරදියෙල් ද රොබින්හුඞ් කතා වස්තුව කියවන්නට හෝ අසා දැනගන්නට ඇත' එසේ දැනගෙන ලංකාවේ රොබින්හුඞ් ලෙස හැසිරෙන්නට ඇත'

ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයන් විසින් මුළුමනින්ම යටත් කර ගත්තේ 1815 දිය' වැඩිකල් නොගොස් බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධව කැප්පිටිපොල නිළමේතුමාගේ නායකත්වය යටතේ ඌව වෙල්ලස්ස කැරැුල්ල මෙහෙය වූවේය' එහිදි බි‍්‍රතාන්‍ය පාලකයෝ කැප්පිටිපොල සහ මඩුගල්ලේ යන නිළමේවරුන්ගේ හිස් ගසා මරා දැමුවෝය' ඉන්පසු නැවතත් බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධව සිංහලයන් නැඟි සිටින්නේ 1848 දීය. එයට හේතුව කෝපි වලට වැළදුණ වසංගත රෝගය නිසා කෝපි වගාව විනාශ වීමේ හේතුවෙන් රටේ ආර්ථිකය අඩාල වීමය' එවිට රජය මඟින් අසාධාරණ බදු පැනවූවේය' ඊට විරුද්ධව මොරටුවෙන් පැමිණි පුරන් අප්පු සහ පෑලියගොඩින් පැමිණි ගොංගාලේගොඩ බණ්ඩා වැනි ඉංගී‍්‍රසි උගත් තරුණයන් මාතලේ කැරැල්ලට නායකත්වය දුන්නෝය' එකල සරදියෙල් වයස අවුරුදු 16 ක් වු යෞවනයෙකි'කොළඹ ඉංගී‍්‍රසි බැරැක්කයේ සේවය කල කොළු ගැටයෙකි' එකල ඔහුටද ඉංගී‍්‍රසි අධිරාජ්‍යයට විරුද්ධව ජාතික හැඟීම් ඇති වන්නට ඇත' එහෙත් පුරං අප්පුලා සමඟ එකතුවි සටන් කිරීමට තරම් ඉහ කඳ මෝරා තිබුණේ නැත' 1848 කැරැුල්ලෙන් පසු ඉංගී‍්‍රසින්ට විරුද්ධව නැඟී සිටි එකම පුද්ගලයා සූර සරදියෙල්ය' ඔහු උතුවන්කන්ද ෂර්වුඩයක් කර ගත්තේය' සඟයන් සමඟ එහි සැඟවී සිට තම රාජධානිය හරහා අශ්වකරත්ත වලින් ගමන් කරන සුද්දන් නවතා බිය වද්දා ඔවුන්ගේ ධනය පැහැර ගත්තේය' ඒවා අහිංසක දුප්පත් ජනයා අතර බෙදා දුන්නේය' රොබින්හුඞ් මෙන් හැසිරුණේය'  එසේ හැසිරීමට හේතුවක් තිබුනි' එනම් එකල බි‍්‍රතාන්‍යයන් ලංකාවට හඳුන්වා දුන් නව වෙළද ආර්ථික ප‍්‍රතිපත්තිය කෝපි වලට වැළදුණු වසංගතයත් සමඟ බිද වැටීමයි' කෝපි  වතු වැවීම නිසා දේශීය ගොවිතැන අඩාල විය' ස්වදේශිකයන්ගේ ස්වයංපෝෂිත ආර්ථිකය කඩා වැටීමයි' ඒ නිසාම සුදු ජාතිකයන් ඔහු ලංකාවේ රොබින්හුඞ් ලෙස හැදින්වුවේය'

සරදියෙල් තම කලණ මිතුරා වු මම්මලේ මරික්කාර් සමඟ ප‍්‍රසිද්ධියේ එල්ලා මරණ ලද්දේ 1864 මැයි මස 07 වෙනි දිනය' ඔවුන් දෙදෙනා ලංකා ඉතිහාසයේ අවසන් වරට ප‍්‍රසිද්ධියේ එල්ලා මැරු දෙදෙනාය' ඉන්පසුව පෝරකය හිරගෙය තුළට ගෙන ගියේය'

සූර සරදියෙල් ප‍්‍රසිද්ධියේ එල්ලා මරා හරියටම වසර 100 ක් ගතවන දිනයේදි                    අන්තෝනියස් දේවගැති තුමා විසින් සරදියෙල් පිළිබඳව එතෙක් ලියවී තිබු සියළු පුවත් පත් ලිපි, පොත් පත් සහ නඩු වාර්තා අධ්‍යනයය කොට අගනා පර්යේෂණ ග‍්‍රන්ථයක් ලිවුවේය'එය ඔහු නම් කලේ ී්ර්ාසැකල ඔයැ ඍදඉසබයදදා දෙ ක්‍ැහකදබ හෙවත් සරදියෙල් ලංකාවේ රොබින්හුඞ් ලෙසය'

එංගලන්තයේ රොබින්හුඞ් ඇත්ත වශයෙන්ම ජීවත් වුනා දැයි සැකයකි' මක් නිසාද යත් ඔහු පිලිබඳ ශිලා ලේඛන වෘන්තාන්ත ලිඛ්ත සාධක එංගලන්තයෙන් සොයා ගැනීමට නොහැකි බැවිනි' එහෙත් ලංකාවේ රොබින්හුඞ් ඇත්ත වශයෙන්ම උතුවන්කන්දේ සූර සරදියෙල් ලෙස ජීවත් විය' ඔහු රොබින්හුඞ් ගැන දැන සිටියේය' රොබින්හුඞ් ලෙස හැසිරුනේය'

එංගලන්තයේ රොබින්හුඞ් හා ලංකාවේ රොබින්හුඞ් හැරුණු කොට වෙනත් රොබින්හුඞ් වරුන් ලෝකයේ කිසිම රටකින් වාර්තා වන්නේ නැත'

ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වෙමින් ී්ර්ාසැක ඔයැ ීරස ඛ්බන් ඊමියර්බටැර නමැති පොත ලියූ ඩි'බී' කුරුප්පු මහතා  කියන ආකාරයට නෙඞ් කෙලි නමින් බි‍්‍රතාන්‍යයට විරුද්ධව සටන් අයෙකු ඔස්ටේ‍්‍රලියාවේ කි‍්‍ර'ව' 1855- 1880 වකවානුවේ ජීවත්ව තිබේ. ඔහුද වසර 25 දී බි‍්‍රතාන්‍යයන් විසින් එල්ලා මරා තිබේ. එහෙත් ඔහු රොබින්හුඞ් මෙන් දුප්පතාගේ හිතවතෙකු ලෙස හැසිරි නැත'

ඒ අනුව බලන විට අපේ රටට එන සුදු සංචාරකයන්ට කියන්නට හොඳ කරුණක් තිබේ' එනම් බැලේ නාට්‍යයෙන් උපන් එංගලන්තයේ රොබින්හුඞ් මෙන් නොව රොබින්හුඞ් ලෙස හැසිරුණ නිසා රොබින්හුඞ් කෙනෙක් ලංකාවේ සිටි බවයි' එය දැකබලා ගැනීම සඳහා උතුවන්කන්දේ සරදියෙල් ගම්මානය නැරඹීමට එන ලෙස විදේශික සංචාරකයන්ට ආරධනා කල හැකිය' එය අනර්ඝ වු සංචාරක ව්‍යාපෘතියක් නොවන්නේද'

No comments:

Post a Comment